ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය විවාදය ලබන 19 සහ 20දා

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව මෙම මස 19 සහ 20 යන දෙදින තුළදී විවාදයට ගැනීමටපාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (05දා) තීරණය කළේය.
මේ අනුව යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම මෙම මස 20 වැනිදා පස්වරුවේ පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරු 9.30ට රැස්විය.