ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 28 දක්වා ඉහළ නගී

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ගණන මේ වනවිටදී 28 දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අංශ මගින් අද (16 වැනිදා) තවත් කොරෝනා වෛරස ආසාදිතයින් 10 දෙනකු හඳුනාගෙන ඇති බවට සොඛ්‍යසේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. ඊයේ (15 වැනිදා) වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 18ක් හඳුනාගෙන තිබිණි.