ලෝක කුසලාන තණතීරු සකසන්නා හිටි හැටියේ මෙලොව හැර යයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන අතරතුර අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරු සකසන්නා හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඇෆ්ගනිස්තානය සහ නවසීලන්තය අතර අද (07 දා) පැවැති තණතීරුවටද තණතීරුව සකසා ඇති මොහාන් සිංගේ හදිසි වියෝවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
වසර 22 ක් පුරා අබුඩාබි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරු සකසන්නා වශයෙන් ක්‍රියා කළ මොහාන් සිං ඉන්දියානු ජාතිකයකි. ඔහු වසර ගණනාවක් පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථිර පදිංචිව සිටින පුද්ගලයෙකි.
‘ඔහු ඉතා හොද මිනිසෙක් ඉතාමත් හොඳ දක්ෂයෙක් ඒ වගේම මහන්සි වී වැඩ කරපු පුද්ගලයෙක් යැයි මොහාන්ව හොඳින් ඇසුරු කරන පුද්ගලයෙකු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබුණා. අදාළ සිදුවීමෙන් පසුව අබුඩාබි ක්‍රීඩාංගණයේ ආරක්ෂාවද තර කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.