වයස පහක දරුවකු ළිඳට වැටී දවස් පහයි – බේරා ගැනීමට දැවැන්ත මෙහෙයුමක් (වීඩියෝ සහිතයි)

වයස අවුරුදු පහක දරුවකු ළිඳකට වැටී දින පහක් පුරා බේරාගත නොහැකිව දැඩි පරිශ්‍රමයක නිරත වන ප්‍රවෘත්තියක් මොරොක්කෝ රාජ්‍යයෙන් වාර්තා වෙනවා. මෙම සිද්ධිය දැක බලා ගැනීමට විශාල ජනතාවක්ද එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
පස් හැවිරිදි මෙම දරුවා අඩි 100 ක් පමණ ගැඹුරු ළිඳකට වැඩී තිබේ. ළිඳේ පතුලත දැඩි කළුවර බවක් දක්නට ලැබීමෙන් ඒ අසලින් වෙනත් වළක් කපා ගනිමින් දරුවා බේරා ගැනීමේ මෙහෙයුම දියත් කරනු ලබයි. මොරොක්කෝ රාජ්‍යය පවසන්නේ දරුවා හැකි ඉක්මනින් බේරා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකෙරමින් පවතින බවයි.