බුදුන් වහන්සේගේ කාලයේ මම කවුද?

අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛතී‍්‍ර නාහිමියන් විසින් සටහන් තබන ලද සුවිශේෂී දිනපොත් කිහිපයක් හමුවී තිබේ.  එම දින පොතෙහි සටහන්ව ඇති වැදගත් සටහන් රැසක් තැබූ ආරම්භක සටහනකි.මහා සෘෂී කාකයර් මුණිවරයාගෙන් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් ඇසූ පැනයකි.

බුදුන් වහන්සේගේ කාලයේ මම කවුද?
(ප‍්‍රත්‍යෙය නාඩි වාක්‍ය ඇසුරෙනි)

බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියෝ අසති.
පාර්වතී දේවිය වැඳ කාකයර් සෘෂි වන මම ප‍්‍රත්‍යෙ කාණ්ඩයක් කියවමි.

වෘෂභයෙන් ඉපිද, එහි කුජද, සිහයෙහි ර. ගු. ශුකේතු ද කන්‍යාවෙහි බුද ද. තුලාවේ ශනි ද. කුම්භයේ රාහු ද චන්ද්‍ර. ඇතිව උපන් බුදු බව පතන ආනන්ද මෛත්‍රෙය නම් තැනැත්තා ස්වකීය ශ‍්‍රාස්තෘ වූ ගෞතම බුදුරජාණන්ගේ කාලයේ තමා කවරෙක් වී සිටියේදැයි ප‍්‍රශ්න කර සිටියි.

ඊට පිළිතුරු දෙමි.

බුදුරජාණන් වහන්සේ පහල වන්නට පෙර නොයෙක් ජාතිවල උපන් මෙතෙම බුද්ධ කාලයේ උන්වහන්සේට ගයා පෙදෙසේ භාවනා කිරීමේදී සෙවන දුන් ඇසතු රුකට අධිගෘහිතව දේවතාවා විය.

එසේ වී උන් වහන්සේට සෙවන පැතිරවීමෙන් උපන් වහන්සේගේ මෙහෙයට උපස්තම්භක වීය. ඒ පිනෙන් ඊළ`ග අත්භවෙහි ඒ ප‍්‍රදේශයට අධිපති මහ රජුගේ අගමැති වීය. ඉන්පසු තවත් ආත්මභාව වල උපන්නේය. ඒවායේ විස්තර භුජන්ධර මහා කාව්‍යයේ මුක්ති කාණ්ඩයෙන් බලා ගත යුතු.

මහා සෘෂි කාකයර් මුණිවරයාගෙන් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් ඇසූ පැනයකි.

මා පෙර භවයකදී ඉපිදී ඇත්තේ කොහේ ද?

14632 මහා සෘෂි කාකයර් සෘෂිවරයාගේ සෘෂි භාෂිතය ඇසුරෙනි.

* මගේ පූර්ව ජන්මය

balangoda3අති පූජ්‍ය අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක ස්වාමීන් වහන්සේ පූර්ව ජන්මයක උපන් ස්ථානය පිළිබඳවයි. ලෝකයේ ලොකුම කෝවිල පෙදෙසේ එනම් කල්කටාවේ ධනවත් බ‍්‍රාහ්මණ පවුලක මින් පෙර ආත්ම භවයේ දී ඉපිද සංස්කෘත ආදී භාෂාව දත් මෙතෙමේ වේද වේදාන්තයන්හි දත් හසල බුද්ධිමතෙකු විය.

ඉංග‍්‍රීසි ද දත් මොහු කාලි කෝවිලෙහි පූජකයෙක් විය. බමුණු කතක් විවාහ කර ගත් නමුත් ඈ අවුරුද්දක් ඇතුළත කළුරිය කලෙන් මේ තෙමේ ගෘහ පියස අතහැර පැවිදි විය.

මුක්තිය නොලැබුණෙන් කළුරිය කළ බිරිඳ ගැන ආශාව හිත තුළින් බැහැර නූවූ බැවින්ය.

25 වෙනි කවිය

ශාස්ත‍්‍රයට ස්වාමියා වූ බුධ ග‍්‍රහයා 5 වැනි ගෙයි උච්චව සිටින නිසා ඥානෝපදේශ ගුරුවරයෙකි. විශේෂඥයෙකි.

26 වෙනි කවිය

සියලූ කර්මයන් ක්ෂය කළ හැක. එයට පෙර කළ යුතු තවත් දේ ඇති නිසා මොහු තවම ගෘහ ආශ‍්‍රීතව වෙසෙයි. වැඩි කලක් නොසිටීයි.

බලන්ගොඩ මහ නාහිමියන් තම ශිෂ්‍ය අපවත්වූ මෛත‍්‍රී මූර්ති නමැති භිත්ෂූන් වහන්සේ පිළිබඳව කරන ලද නාඩි විමසුම

මෛත‍්‍රී මූර්ති පිළිබඳව ප‍්‍රශ්නය:

බුද්ධගයාවට සමීපවු ගමකදී හමුවූ ළමයා මෛත‍්‍රී මූර්ති නමින් සිට කළුරිය කළ තැනැත්තාද? නැද්ද? යන්න ප‍්‍රශ්න කර සිටියි.

පිළිතුර :

මොහු ඔහුමය මඳක්වත් සැක නොකළ යුතුය. පුනර්ජන්මය ලබා සිටින්නෙකි.

පූර්ව ජන්මයේදී ඔහු කළ ඉගෙනීම සම්පූර්ණ නොකළ බැවිනුත් තම ආරාමය දියුණු කිරීමට අවශ්‍ය තරම් කළ නොහැකි වු බැවිනුත් මේ කරුණු දෙස සම්පූර්ණ කරනු පිණිස මෙසේ පුනර්ජන්මය ලබා සිටී. ශිෂ්‍යයන්ට ආචාර්යවරයාට ලෝකයාට චිර ජීවනය ලබා දෙනු සඳහාත් මොහු කටයුතු කරනු ඇත.

බලන්ගොඩ මහ නාහිමියන් තම හිතවත් දායක මහතෙකු පිළිබඳව කරන ලද නාඩි විමසුම

මෙම නාඩි කාණ්ඩය කියවන අයගේ කේන්ද්‍ර සටහන මෙසේය. ලග්නය කටකය. ශනි මීන රාශියේය. ගුරු චන්ද්‍ර මකර රාශියේයි.

පියාගේ නම ගෙය අප්පුහාමි මවගේ නම නවරත්න හෙවත් යසෝගනී, හේ ලෙඩෙකි.

මේ තැනැත්තාගේ සෞඛ්‍ය තත්ත්වය භයානක ලෙස වර්ධනය වන අතර එය ජීවිතයටම තදබල ලෙස බලපායි. කිසිදු වෛද්‍ය ප‍්‍රතිකාරයකින් ප‍්‍රතිඵල නොලැබෙයි. මෙම රෝගය සඳහා බෙහෙත් කළත් සුවපත් නොවෙයි. රෝගයට හේතුව පෙර භවයේදී කරන ලද අකුසල කර්මයකි.

පෙර භවයේදී වූ එකී පාපය සඳහා වූ නාඩි වාක්‍යයේ කර්ම කාණ්ඩය කියවා බලා එම අගස්ති සෘෂිවරයා විසින් කියා ඇති ඖෂධ කාණ්ඩය සහ දීර්ඝ කාණ්ඩය කියවා ඒ අනුව ක‍්‍රියා කළ යුතු අතර ඒ හැර වෙනත් ක‍්‍රමවේදයක් නැත.

ශාන්ති කාණ්ඩයේ කියා ඇති අන්දමට කටයුතු කිරීමෙන් ඔහු සම්පූර්ණයෙන්ම සුවපත් වෙයි. එමගින් ඔහු ප‍්‍රීතිමත්ව සහ දීර්ඝායුෂව ජීවත් වෙයි.

3. හෙතෙම වයස මැද හරියේදී ලෙඩ විය. ක‍්‍රමයෙන් එය වැඞී ගොස් දැන් ඉතා බරපතළ ලෙස එයින් පීඩා විඳියි. ඒ ලෙඩා ගැන මෙම කාණ්ඩයෙන් බෙහෙත් බලාපොරොත්තු වෙයි. මේ ගැන බෙහෙත් තියෙන්නේ ඖෂධ කාණ්ඩයේ ය.

4. ඒ ලෙඬේ සුව කිරීමට සමර්ත බෙහෙත් තිබෙන ස්ථානයේ ඇඞ්රස් එක දෙමි. එයට ඉංග‍්‍රීසියෙන් කියන නම මෙහි දක්වමි. හෝමියෝපති ඉන්ස්ටිටියුට් කුම්භකෝනම් යනු ඒ ඇඞ්රස් එකයි.

5. ඒ ස්ථානයට ලියුමක් යවනු. එහි ලෙඬේ මුල පටන්ම තත්ත්වය විස්තර කර ලියනු. එවිට උත්තර වශයෙන් දෙමළ භාෂාවෙන් විස්තර ලියා එවයි. වහාම මෙය කළ යුතුයි. එයින් සම්පූර්ණයෙන්ම සනීපය ලැබේ. දීර්ඝායුෂ ලැබේ.