මිලියන 150 ක් නැතිවීමෙන් අද සිට පැය 7 විනාඩි 30 ක් විදුලිය කපයි

අද (02) සිට විවිධ කාල සටහනකට අනූව පැය 7 යි විනාඩි 30 ක් දිවයින පුරා විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
ඒ අනුව අද උදෑසන 8 සිට රාත්‍රී 11 දක්වා වන කාලය තුළදී පැය 7 විනාඩි 30 ක විදුලිය කප්පාදු වන බව ලංකා විදුලිබල මණ්ඩලය දන්වා සිටියි.
ජල විදුලි නිෂ්පාදනය පහත වැටීම සහ ඉන්ධන හිගය මත මෙසේ විදුලිය විසන්ධි කිරීමට සිදුවේ.  ජනක රත්නායක මහජන උපයෝගීතා සභාපති මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.,
“මේකට එකම හේතුව අපිට ඇති වෙන්න විදුලිබලාගාර තිබ්බත් විදුලිය ජනනය කිරීමට අවශ්‍ය ඉන්ධන ලැබෙන්නේ නැහැ අපි මේ සම්බන්ධව රජයට ඇතිවෙන්න කිව්වා නමුත් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තෙ නැහැ අනාගතය ගැන කියන්න බැහැ මිලියන 150 ක් තිබ්බොත් ලයිට් කපන්නෙ නැහැ වැරදි මූල්‍ය ප්‍රතිපත්තියක් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ.”
විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට මේ සම්බන්ධව මැදිහත් වන බව ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බැවින් ඔහු ලබන 5 වැනිදා වන විට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව පැවසීය.