සැමියාගේ පිහි පහරින් ලෝක ශූරිය මරුට

කෙන්යානු ජාතික 25 හැවිරිදි ඇග්නස් ටිරොප් නමැති මළල ක්‍රීඩා දිගු දුර දිවීමේ ලෝක ශූරියක නිවසේ ඇතිවූ ආරවුලකදී සැමියාගේ පිහිපහරින් ඝාතනයට ලක්ව ඇතැයි රොයිටර් පුවත් වාර්තා කරයි.

මීටර 5000 හා මීටර 10000 දිගු දුර දිවීමෙහි ශූරියක වන ඇය ලෝක ශූරතා මළල ක්‍රීඩා තරගවලට ක්‍රීඩා කොට රන් පදක්කම් 4 ක් රිදී පදක්කම් 3 ක් හා ලෝකඩ පදක්කම් 4 ක් දිනා සිටින්නියක වූ අතර අවසන්වරට මෑතකදී නිමාවට පත්වූ’ටෝකියෝ ඔලිම්පික් උළෙලද නියෝජනය කර එහි මීටර 5000 අවසන් තරගයේ 4 වන ස්ථානය දිනා ඇතගඇය ලෝක වාර්තා තැබූ ඉසව්ද තිබේ.

කෙන්යාවේ ජාතික සම්පතක් ලෙස ගෞරවාදරයට ලක්ව සිටි ඇය ඇයගේ නිවස තුළදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය වී ඇති බව කෙන්යාවේ මලල ක්‍රීඩා බලධාරීන් බදාදා නිවේදනය කර තිබේ.
‘ඉටෙන්හි පිහිටි නිවසේදී මියගොස් සිටියදී ටිරොප් හමුවියග ඇගේ සැමියා ඇයව ඝාතනය කර තිබේග ඇයගේ මරණය සම්බන්ධව වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමට අපි තවමත් කටයුතු කරමින් සිටිමු, යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.
ප්‍රාදේශීය පොලිසිය පැවසුවේ ටිරොප්ගේ සැමියා ඇයව ඝාතනය කර පළාගොස් ඇති බවයි.

පොලිසිය ටිරොප්ගේ නිවසට ගිය විට ඇය ඇඳේ ලේ විලක් මැද වැටී සිටියදී හමුව ඇති අතර සිරුර දෙස බැලූ විට ඇගේ ගෙල පෙදෙස දරුණු කැපීමකට ලක්ව ඇති බව හඳුනාගෙන ඇත.

කෙන්යාවේ ජනාධිපති උහුර් කෙන්යාටා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේල කෙන්යාවේ වීරවරියක’ වූ ඇග්නස් ටිරොප්ල ආත්මාර්ථකාමී හා බියගුලු මිනිසකුගේ සාපරාධී ක්‍රියාවක් නිසා වේදනාකාරී ලෙස ජීවිතය අහිමිකරගෙන ඇති බවත් ඒ ගැන කණගාටුවන බවත්ය.