ලොව පුරා කොරෝනා ආසාදිත පිරිස කෝටිය ඉක්මවයි

ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත පිරිස ලක්ෂ 100 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව අද (28 වැනිදා) උදෑසන වන විට ආසාදිත ගණන 10,087,553 දකවා ඉහළ ගොස් තිබිණි.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලොව පුරා මිය ගිය ගණන ලක්ෂ 5 ඉක්මවා ගොස් ඇති අතර සම්පූර්ණ සුවය ලැබූ ගණන ලක්ෂ 54 ඉක්මවා ගොස් තිබේ.