ක්‍රිකට් බලවතුන් නිර්මාණය කර ක්‍රිකට් ලෝකයටම කන්න දුන්න යමුනා අවසන් ගමන් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අලෙවිකරණ අංශයේ නිලධාරිනියක ලෙස කටයුතු කළ යමුනා ලක්මාලි මහත්මිය අද (31දා) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ ඇය තමාගේම ව්‍යාපාරයක් ගොඩනගමින් දියුණු වූ දිරිය කතක් ලෙස සැලකේ.

එමෙන්ම ඇය සැලකෙන්නේ ක්‍රිකට් බලවතුන් නිර්මාණය කර ක්‍රිකට් ලෝකයටම ආහාර සැපයූ තැනැත්තිය ලෙසයි. ලොව විවිධ රටවල ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් කණ්ඩායම්, විස්තර විචාරකයන් ඇයගේ මිහිරි ආහාරපාන ඉහළින් වර්ණනා කරමින් භුක්ති වින්දෝ වෙති. ඒ අතර, ඉන්දියාවේ සුනිල් ගවස්කාර්, පාකිස්තානයේ රමීස් රාජා, බටහිර ඉන්දීය කොදෙව් මයිකල් හොල්ඩින්ග්, දකුණු අප්‍රිකාවේ ග්‍රැහැම් ස්මිත්, නවසීලන්තයේ ශේන් බොන්ඩ් වැන්නන්ද වෙති.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මාධ්‍යවේදීන් දෙපළක් වන හිරු ටීවී ආයතනයේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සාරංග පතිරණ සහ සිරස ටීවී ආයතනයේ වින්දන ප්‍රසාද් කරුණාරත්න ඇයගේ වියෝව දක්වා තිබුණේ මෙලෙසිනි.