Wednesday, January 22, 2025
Home Headlines එමිරේට්ස් ගුවන් තහනම 28 වැනිදා දක්වා දීර්ඝ වෙයි

එමිරේට්ස් ගුවන් තහනම 28 වැනිදා දක්වා දීර්ඝ වෙයි

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 04ක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගෙන තිබූ තීරණය මෙම මස 28 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම ගුවන් සමාගම පියවර ගෙන ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව, පාකිස්ථානය, ඉන්දියාව හා බංග්ලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙන යාම එදින තෙක් සිදු නොකරන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම පවසයි.

කෙසේ වෙතත් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජාතිකයින්ට, එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද එමිරේට්ස් ගුවන් සේවා සමාගම වැඩිදුරටත් නිවේදනය කර සිටියි.

තවද භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සහ විශේෂ ගුවන් යනා එම රටවල් අතර ක්‍රියාත්මක බව එම ගුවන් සේවා සමාගම අවධාරණය කරයි.