රට පුරා ලාෆ්ස් ගෑස්වල හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාවගෙන් මැසිවිලි එල්ලවී තිබේ. විශේෂයෙන්ම බොහෝ වෙළඳසල්වල ගෑස් නොමැති බවටද ඔවුහු මැසිවිලි නගති.
ඇතැම් පාරිභෝගිකයින් ලාෆ්ස් ගෑස් සිලින්ඩරය රැගෙන ලිට්රෝ වෙලදසල්වලට ගොස් තිබෙන අතර මේ දක්වා ලාෆ්ස් ගෑස් හුවමාරු කිරීමට දැනුම් දී නොමැති බව වෙළෙඳුන් පවසා ඇත.
වෙළෙඳ පොළේ අවශ්‍යතාවයෙන් සියයට 70වක් ලිට්රෝ සමාගම ද සියයට 30ක් ලාෆ්ස් සමාගම මගින් ද සපයනු ලබයි.
මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියි.