විභාග සහතික පත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව සඳුදා සිට නවතී

විභාග සහතික පත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව සඳුදා (24) සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසා ඇත.
විභාග දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන සේවාවන් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හි ප්‍රකාශයට පත් කර ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව, සහතික ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් තම අයදුම්පත් අන්තර් ජාලයේ මාර්ගගත පද්ධතිය හරහා, විද්‍යුත් තැපෑලෙන් හෝ දෙපාර්තමේන්තුවේ නිල ජංගම යෙදුම වන “DoE” හරහා ඉදිරිපත් කළ යුතුය. අවශ්‍යතාවයට අනුව, සහතික අයදුම්කරුගේ ලිපිනයට විදේශ කටයුතු අමාත්‍යාංශයට ස්පීඩ් තැපැල් මගින් යවනු ලැබේ.
දෙපාර්තමේන්තුවට ඇතුළු වන පුද්ගලයින් සංඛ්‍යාව සීමා කිරීමට සහ කාර්ය මණ්ඩලය අතර කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බවද වැඩිදුරටත් පැවැසේ.

අද ආරම්භ වූ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සහ පෙබරවාරි 7 වැනිදා සිට පැවැත්වීමට නියමිත 2021 (2022) අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය විශාල ප්‍රමාණයක් යෙදවීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.