අතවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය අත්හිටුවන්නැයි මහ බැංකුව දැනුම් දෙයි

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ අත්හිටුවිය යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් යෝජනා කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. නමුත් පවතින තත්ත්වය කළමනාකරණය කර ගැනීමට වෙනත් උපක්‍රම භාවිත කිරීමට රජයේ අපේක්ෂාව බවද ඒ මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මුදල් අමාත්‍යංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

දැනට ආනයනය සීමා කර ඇති භාණ්ඩවලට අමතරව වෙනත් කිසිම භාණ්ඩයක් ආනයනය අත්හිටිවීමට රජය මේ දක්වා තීරණය කර නැති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් එලෙස ආනයන සීමා කිරීම නොකිරීමට නම් සියලු දෙනාම වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බවද ඇමැතිවරයා පවසා සිටියේය.

වසරකට උවමනා භාණ්ඩ ප්‍රමාණය එකවර ආනයන නොකර ස්වෙච්ඡාවෙන්ම සීමා පමුණුවා ගත යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.