ආණ්ඩුවට සල්ලි නෑ, අපි ඉන්නේ අර්බුදයක – ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ

ගුරු, විදුහල්පති වැටුප් ඉහළ දැමීම මේ මොහොතේ කළ නොහැකි බවත් රටේ පවතින මුදල් අර්බුදය අනුව එම තත්ත්වය ඇතිවී තිබෙන බවත් ප්‍රවාහන අමාත්‍ ගාමිණී ලොකුගේ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කැබිනට් හමුවෙන් අනතුරුව පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඒ අනුව ඉදිරියේ දී ඉදිරි අයවැයේ දී ඒ පිළිබඳව සලකා බැලීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ඔහු පැවසීය.

ගුරු විදුහල්පති ඉල්ලීම ලබාදීමට රුපියල් බිලියන 56 ක මුදලක් අමතරව යන බවත් එතරම් මුදලක් මේ මොහොතේ වැය කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවත් ඒ මහතා අනාවරණය කළේය.