Friday, April 26, 2024
Home Headlines ඊ. ටී. අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සිව් ‌දෙනා ඇප මත මුදාහරියි

ඊ. ටී. අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ සිව් ‌දෙනා ඇප මත මුදාහරියි

තැන්පතුකරුවන්ගෙන් ලබාගත් රුපියල් බිලියන 04කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින  ඊ.ටී.අයි සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් සිව් දෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (03දා) නියම කළේය.

රුපියල් ලක්ෂය බැගින් මුදල් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වන ශරීර ඇප දෙකක් මත විත්තිකරුවන් මුදා හැරීමට විනිසුරුවරයා නියම කළේය .

මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ ඊටීඅයි සමාගමේ අධ්‍යක්ෂවරුන් වශයෙන් කටයුතු කළ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන මහත්ම මහත්මීන් ය.

එමෙන්ම විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ දී ඔවුන්ට භාර දුන්හ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ට ඇප නියම කළ විනිසුරුවරයා මෙම නඩුව යළි ලබන සැප්තැම්බර් මස 08 වැනිදා කැඳවීමට නියෝග කළේය.