ජනපතිත් සිහිනයකි රෑ වැඩසටහනට.

ජාතික රූපවාහිනියේ විකාශය වන සිහිනයකි රෑ සංගීත වැඩසටහන සමඟ මෙම 22 වන ඉරිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්වීමට නියමිතය.එම වැඩසටහන මෙම ඉරිදා රාත්‍රි 10.20 සිට  ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන අතර මෙම ප්‍රාසාංගික වැඩසටහනේ දී ජනාධිපතිතුමා තමන් ප්‍රිය කරන ගීත තෝරා දීමත් ඒවා විචාරාත්මකව රසවිඳීමත් සිදු කෙරේ. මෙකී වැඩසටහන සඳහා ප්‍රවීණ ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ මහතා ගායනයෙන් එක් වේ.