ලයිබීරියා පාසල් බෝඩිමක ගින්නක් – 27ක් ජීවිතක්ෂයට.

ලයිබීරියානු අගනුවර වන මොන්රෝවියා ආසන්න නගරයක පාසල් බෝඩිමක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 27දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉන් බහුතරය දරුවන් බවත් විදෙස් වාර්තා පවසයි.ඉස්ලාම් අධ්‍යාපනය ලබාදෙන පාසලක මෙම ගින්න හටගෙන ඇති අතර, ගින්න පැතිරෙන අවස්ථාවේදී ඔවුන් සිය පාසලට ආසන්න බෝඩිමේ නිදා සිට ඇති බව සඳහන් වෙයි. ලයිබීරියානු ජනාධිපති ජෝර්ජ් වී එම ස්ථානයට පැමිණ සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, එම ස්ථානයේ සිරුරු සෙවීම සඳහා පොලීසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෝසෙස් කාටර් රොයිටර් පුවත් සේවයට පැවසුවේ ගින්න හටගෙන ඇත්තේ විදුලි කාන්දුවක් නිසා බවත් කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම කරගෙන යන බවත්ය.