මස්කෙලිය වතුයායක ගින්නක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ස්ටොක්හෝම් තේ වතුයායේ  ස්ටාර් බ්‍රෝ කොටසේ වතු නිවාස පේළියක අද (20)  පෙරවරු 9.15 ට පමණ ඇති වූ හදිසි ගින්නකින් නිවාස 13 දැවි විනාශයට පත්වී ඇත.මෙම  වතුනිවාස පේලිය නිවාස 24 ක් පිහිටා ඇති අතර ගින්න පැතිර යාම වළක්වමින් වතු කම්කරුවන් ඇතුළු ප්‍රදේශවාසීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා ගින්න නිවා දමා ඇත .එහිදී කිසිවෙකුටත් ජිවිත හානියක් සිදු වී නොමැති බව පවසන මස්කෙළිය පොලීසිය  ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක කරයි .ගින්නෙන් අවතැන්ව සිටින  පාසල් ළමයින් විසි නවයක් හා  වැඩිහිටියන් 28  දෙනෙක් තාවකාලිකව ස්ථාන ගත කිරීම සඳහා  අඹගමුව ප්‍රාදේශීය ලේකම් වරයාගේ උපදෙස් පරිදි කටයුතු කරන බව ස්ටොක්හෝම් වතුයායේ නිලධාරී එස් සුරේෂ් මහතා පැවසීය.