ජනප්‍රිය නිළි ශලනි තාරකාටත් කොවිඩ්-19 ආසාධනය වෙයි

ජනප්‍රිය රංගන ශිල්පී ශලනි තාරකා හට කොවිඩ්-19 (කොරෝනා) ආසාධනය වී තිබේ. ඇය කොරෝනා මර්දන සිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අයෙකි. මෙහිදී ආසන්න දිනවල තමන් මුණ ගැසුනු අය නිරෝධායන වන ලෙස ඇය ඉල්ලා සිටියි.

මේ බව සඳහන් කරමින් ඇය විසින් තබා ඇති සමාජ ජාල සටහන මෙසේය.

“සිහින ගෙනෙන කුමාරියේ” ටෙලි නාට්‍යයේ රෑගතකිරීම අතරතුර ශිල්පින් කොරෝනා ආසාධිත වීම හේතුවෙන් 31 වන දින සවස සිට නිවැසියන්ගෙන් ඈත්ව ස්වයං නිරෝධායනයට ලක්වුනෙමි.

නමුත් පසුදින සිට ඇතිවු සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් කල PCR පරීක්ෂණයෙන් අද දින මා covid positive රෝගියෙකු ලෙස හදුනාගෙන ඇත.
මේ වන විට Sinopharm එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති අතර තවමත් කිසිම අපහසුතාවක් නැත.

පසුගිය දිනයන්හි මා රංගනයෙන් දායක වු දර්ශන තල දැනුවත් කරඇති අතර ඒ දිනයන්හි මා හමුවු අයට ස්වයං නිරෝධායනට ලකවන ලෙසද ඉල්ලාසිටිමි.

මේ මොහොතේ ලැබෙන දුරකථන ඇමතුම් සියල්ලටම පිලිදීමට නොහැකි වීම ගැන අමනාප නොවන්න. සොයා බැලු සියලු දෙනාටම ස්තූතියි.