ඇස්ට්‍රාසෙනිකා මාත‍්‍රා දෙකම ගත් ඇමැති මහින්දානන්දටත් කොරෝනා

කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ්-19 (කොරෝනා) වෛරසය ආසාදනය වී තිබේ. අමාත්‍යවරයාට සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇත. කෙසේ වෙතත් තවදුරටත් එය තහවුරු කරගැනීම සඳහා අමාත්‍යවරයාට තවත් පරීක්‍ෂණ කිහිපයක් සිදුකිරීමට නියමිතය.

මේ වන විට අමාත්‍යවරයා නිරෝධායනයට ලක්ව සිටී. අලුත්ගමගේ මහතා ඇස්ටසෙනිකා එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයෙකි.