‘ලෝක විවාහක රූ රැජින’ තරගාවලිය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයි

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තරගාවලිය ශ‍්‍රී ලංකාවේ පැවැත්වීම අත්හිටුවා තිබේ. මේවනවිට එය ඇමරිකාවේ ලාස් වේගාස් නගරයේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

ලෝක විවාහක රූ රැජිණ මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ දී නොපවත්වන්නේ කොරෝනා වසංගතය හමුවේ බව එම සංවිධායක මණ්ඩලයේ නිවේදනය කර ඇත.

සැලසුම් කළ පරිදි ශ්‍රී ලංකාවේ දී එය පැවැත්වීමට නොහැකිවීම ගැන සංවිධායකයන් කනගාටුව පළ කර ඇත.

එළැඹෙන ජනවාරි 9 සිට 16 වන දින දක්වා ඇමරිකාවේ ලාස් වේගාස් හිදි ඒ අනුව තරගාවලිය පැවැත්වෙන බවද නිවේදනයේ සඳහන් වේ.