නොරොච්චෝල ලක්විජය බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය බිඳ වැටෙයි

කාර් මික දෝෂයක් හේතුවෙන් නොරොච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය අක්‍රීය කරන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ අධි පීඩන හීටර් පද්ධතියේ ඇතිවූ හදිසි බිඳවැටීමක් නිසා ජනන යන්ත්‍රය ක්‍රියාවිරහිත කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි,

මේ අනුව නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රිය තත්ත්වයේ පවතින අතර බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය ද මේ වන විටත් නඩත්තු කටයුත්තකට යොමුකර තිබේ.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය පවසන ආකාරයට විදුලිය සැපයුමට මේ තත්වය බාධාවක් නොවන අතර නඩත්තු කාලය තුළ උපරිම ලෙස ජල විදුලි නිෂ්පාදනය කරමින් අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බවද විදුලි බල මණ්ඩලය නිවේදනය කළේ ය.