Tuesday, March 19, 2024
Home Headlines පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන්ට නඩු

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ට නඩු පැවරීම අවසාන අදියරේ පවතින බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදාළ සැකකරුවන්ට නුදුරේදීම අධි චෝදනා ගොනු කෙරෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

නීතිපතිවරයා මෑතකදී ජනාධිපතිවරයා හමුවූ බවත් ජනාධිපතිවරයා එහිදී මේ සම්බන්ධයෙන් විමසීම් කළ අවස්ථාවේදී නීතිපතිවරයා විමර්ශනවල ප්‍රගතිය විස්තර කළ බවත් අධිකරණ ඇමතිවරයා කීවේය.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සියයකට වැඩි පිරිසක් දැනට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

මින් පිරිසක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින අතර තවත් පිරිසක් රැඳවුම් නියෝග යටතේ පොලිසිය භාරයේ පසුවෙති.