Monday, April 20, 2026
Home Business රු. කෝටි 4,750ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමේ සූදානමක්

රු. කෝටි 4,750ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමේ සූදානමක්

ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් කෝටි 4,750ක වටිනාකමින් යුත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බව අනාවරණය වේ. මෙම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම මෙම මස 28 වැනිදා සිදු කිරීමට නියමිතය.

භාණ්ඩාගාර බිල්පත්වලට අදාල මිල ගණන් ඉදිරිපත් කිරීම 28 වැනිදා පෙරවරු 11.00 ට අවසන් වේ. භාණ්ඩාගාර බිල්පත් ගැනුම්කරුවන් මෙම මස 30 වැනිදා හෝ ඊට පෙර ගෙවීම් කළ යුතුය.