මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පැවති දෙපාර්තමේන්තු 02ක් ජනපති යටතට

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා යටතේ පැවති දෙපාර්තමේන්තු දෙකක් ජනාධිපතිවරයා යටතට පවරාගෙන තිබේ.  මෙසේ ජනාධිපතිවරයා යටතට පවරාගෙන ඇත්තේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තු දෙකයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය විසින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර ඇත.

සරත් වීරසේකර මහතාට පොලිසියේ කටයුතු සංවර්ධනය සඳහා වැඩි කාලයක් යෙදවීමට අවස්ථා උදාකර දීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි .