මුස්ලිම් අන්තවාදයේ නූතන ප‍්‍රභාකරන්… මෙහෙකාරියන්ගේ හිස වැසිකිළි පෝච්චිවල වතුරේ ඔබලා…

 

මෙරට තුළ කි‍්‍රයාත්මක මුස්ලිම් අන්තවාදයේ නූතන ප‍්‍රභාකරන් යැයි බෙංගමුවේ නාලක හිමියන් විසින් හ`දුන්වනු ලැබූ හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාරියක ලෙස දුක් වි`දි ඉෂාලිනී ජූඞ් නම් වූ අහිංසක දැරිය බොහෝ ගැටලූ රට ඉදිරියේ තබා සිය ජීවිතය අතහැර ගොස් අදට හරියටම දින දාහතකි. හැටන් ඩයගම වත්තේ කොනක වූ සුසාන භූමියේදී ඇය සදහටම සැ`ගවී ගියේ ඉකුත් 17 වැනිදාය. එහෙත් අසරණ ඉෂාලිනීට එසේ නිසලව සැතපී ඉන්නටවත් අද ඉඩක් ලැබී තිබේද? නැත. සිය ආගමික චාරිත‍්‍ර අනුව ඩයගම සුසාන භූමියේ සැතපී සිටි අසරණ පුංචි ඉෂාලිනීට ඉකුත් සිකුරාදා උදෑසන නැවතත් මේ සමාජය අතරට පැමිණෙන්නට සිදුවිය.

රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී අපා දුක් වි`දින අතරේ දිගු කාලීනව අතවරයට ද ලක්වී දැවී පිළිස්සී ගිය පුංචි ඉෂාලිනීට එම අවාසනාවන්ත ඉරණම උරුම වූයේ ඉකුත් 03 වැනිදාය. ඉන් පසුව දින දොළහක පමණ කාලයක් රෝහල් සයනයක් මත මරණය සම`ග සටන් කර පැරදී අපෙන් සමුගෙන ගිය ඇයට මෙසේ යළි පැමිණෙන්නට සිදුවූයේ කුමක් නිසාද

මේ අසරණිය එසේ අමු අමුවේම පිලිස්සී යද්දී ඒ පිළිබ`ද සොයා බලන්නට සහ විමර්ශන කරන්නට සිටි උන් සිය නිල ඇ`දුමේ තිබූ තරු පටි මරදානේ පාලම උඩට නග්ගවා සේල් කිරීම ඇගේ ඒ පුනරාගමනයට හේතු වී ඇත. එය මොනතරම අවාසනාවක්ද?

පිලිස්සී මියගිය ඉෂාලිනී දිගුකාලීනව අතවරයට ද ලක්වී තිබෙන බව අනාවරණය වීමත් සම`ග වාර්තා වූ කරුණු අනුව බොරැල්ල පොලිසිය නිසි දේ නිසි කලට සිදු නොකළ බව අපි රටට හ`ඩ න`ගා පැවසුවෙමු.

එහෙත් මේ වන විට නම් ඒ සියල්ල බොහෝ දුරට නිවැරදි වී තිබෙන බව බැලූ බැල්මට පෙනෙන්නට ඇත. එය සතුටට කරුණකි. ඉෂාලිනීගේ සිරුරට ගිනි ඇවිලී පිලිස්සී මාරාන්තික තුවාල සම`ග රෝහල්ගත කළ පසු බොරැල්ල පොලිසිය මගින් බදියුදීන්ගේ නිවසේ (වධකාගාරයේ) තිබී සොයා ගනු ලැබූ භූමිතෙල් සහ ලයිටරය පිළිබ`දව ද පුළුල් විමර්ශනයක් ඇරඹී තිබෙන බව පසුගියදා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියනුද අපට ඇසුණි.

එය ඉතාම වැගත්ය. ඇතැම් විට පුංචි ඉෂාලිනීව කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටා තිබූ බදියුදීන්ගේ වධකාගාරයේදී ගිනි තබා මරා දැමුවේ නම් ඒ ඝාතකයාත් ඇයව දූෂණය කළ තිරිසන් දූෂකයාත් මේ භූමිතෙල් බෝතලය සහ ලයිටරය පිටුපස සිටිනවාද විය හැකිය.

කෙසේ වෙතත් පුංචි ඉෂාලිනීට සාධාරණය ඉටු කිරීම පිණිස පොලිසිය ආරම්භ කරන ලද පසුගාමී විමර්ශනවලදී අනාවරණය වූ එක් වැදගත් කාරණයක්ද තිබිණි.

ඉෂාලිනී මියගිය පසු ඇගේ පවුලේ සාමාජිකයන් බදියුදීන්ගේ නිවසට ගිය අවස්ථාවේ එහි සිටි පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටි අයකු පොලිසියට නොගොස් වැඬේ ගොඩින් බේරා ගැනීම ස`දහා ඉෂාලිනීගේ සොහොයුරාට රුපියල් පනස්දහසක මුදලක් දී ඇතැයි යන්න එම අනාවරණය විය.

එකී රුපියල් පනස්දහස ලබා දීමෙන් අනතුරුව ඉෂාලිනීගේ අවසන් කටයුතු ස`දහා තවත් රුපියල් පනස්දහසක් ලබාදීමට ඔහු කටයුතු කර ඇති බවද පොලිසිය හෙළිකර ගනු ලැබීය.

එහෙත් එසේ පොලිස් නිල ඇ`දුමට සමාන ඇ`දුමකින් සැරසී ඉෂාලිනීගේ සොහොයුරාට මුදල් දුන් එකා මොකාදැයි යන්න ඉකුත් සිකුරාදා වනතුරුත් අනාවරණය වී නොතිබිණි. එසේ වුවද සිකුරාදා උදෑසන ඉෂාලිනීගේ මළ සිරුර යළි ගොඩගන්නට පෙර එකී රහස ද හෙළි කර ගැනීමට පොලිස් විමර්ශකයෝ සමත් වූහ.

එකී නින්දිත තිරිසන් මිනිසා පොලිස් මූලස්ථානයේ රාජකාරි කරනු ලබන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයකු බව ස`දහන් විය. සහගහන අපරාධයක් හමුවේ ඇ`දිවත ගැලවී නිරුවත් වූ රිෂාඞ් බදියුදීන්ගේ සහ ඔහුගේ බිරි`දගේ අහවල් ඒවා රුපියල් පනස්දහසකින් වසා දමන්නට සැරසුණු මේ තුට්ටු දෙකේ පොලිස්කාරයාට දිය යුත්තේ රජ කාලේ දඬුවම් නොවේද?

ඊටත් පෙර කළ යුතු එක් දෙයක් මේ මොහොතේ අපේ සිහියට එන්නේය. සාමාන්‍යයෙන් ස්ත‍්‍රී දූෂකයෙක් පොලිසියට කොටු වූ කල්හි පොලිසියේ මහත්තුරු දූෂකයාගේ මොකක්ද එකක් ලාච්චුවක දමා වසන බවක් අප ඇතැම් අවස්ථාවල අසා ඇත.

පොලිස්පතිතුමනි, අපේ නම් අදහස වන්නේ රුපියල් පනස්දහසකින් නීතිය නවන්නට ගිය මේ පොලිස්කාරයාට ද මුලින්ම දිය යුත්තේ එම ලාච්චු ද`ඩුවම බවය. ඉන් පසුව ඒකා නීතිය ඉදිරියට ගෙන යෑම පොලිසියට භාරය.

ඉෂාලිනීගේ මරණය ඇතුළු සියලූ සිද්ධින් සම්බන්ධයෙන් ප‍්‍රමාද වී හෝ පුළුල් විමර්ශනයක් ආරම්භ කළ පොලිසිය ඉකුත් දා ඒ පිළිබ`ද කරුණු වාර්තා කිරීමට අධිකරණයට ගියේය. එහිදී පොලිසිය වෙනුවෙන් අධිකරණයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා එම සිද්ධිය පිළිබ`ද ඉතා වැදගත් කරුණු රාශියක් අධිකරණයේදී ස`දහන් කරනු අපි දුටුවෙමු.

දිලීප පීරිස් මහතා කී අන්දමට ඉෂාලිනීට පෙර ද රිෂාඞ් බදියුදීන්ගේ බෞද්ධාලෝක මාවතේ වධකාගාරයේදී කුඩා දරියන් රැසක් වධ බන්ධනයට ලක්වී ඇත.

එසේම ඉෂාලිනීගේ මරණය මිනීමැරුමක්ද යන සැකය ද මේ වන විට මතුවී ඇතැයිද දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. ඇගේ මරණය සම්බන්ධයෙන් සිදු කෙරුණු මුල් පශ්චාත් මරණ පරීක්‍ෂණය පිළිබ`ද ගැටලූ මතුවී ඇති නිසා මළසිරුර යළි ගොඩ ගෙන නැවත පරීක්‍ෂණයක් සිදු කිරීමට නියෝග කරන ලෙස ද එහිදී ඉල්ලීමක් කෙරිණි. ඩයගම වත්තේ සුසාන භූමියේදී මිහිදන් කෙරුණු අසරණ ඉෂාලිනීගේ මළ සිරුර අධිකරණ වෛද්‍ය විද්‍යා පිළිබ`ද විශේෂඥ දැනුමැති විද්වත් ති‍්‍රපුද්ගල කමිටුවක් ඉදිරියේ ඉකුත් සිකුරාදා පෙරවරුවේ යළි ගොඩගනු ලැබුවේ ඒ අනුවය.

ඇගේ මළසිරුර පිළිබ`ද විශේෂඥ පශ්චාත් මරණ පරීක්‍ෂණය පේරාදේණිය ශික්‍ෂණ රෝහලේදී සිදු කිරීමට මේ වන විට තීරණය වී ඇත.

මේ අතරේ පොලිසිය ආරම්භ කර ඇති විධිමත් විමර්ශනයට අනුව ඉෂාලිනී පදිංචිව සිටි ඩයගම වත්තට ගිය ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉකුත් දිනවල ඩයගම වත්ත පුරා ඇවිද යමින් තොරතුරු සොයන්නට ද වූහ.

සුපිරි පොන්නයියා කෙනෙකු වූ ඩයගම වත්තේ පොන්නයියා විසින් මීට පෙර රිෂාඞ් බදියුදීන්ගේ නිවසට මෙහෙකාර සේවය ස`දහා රැගෙන ගිය ඩයගම වත්තේ තරුණියන් රැසකගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට ද මෙහිදී පොලිසිය කටයුතු කළේය.

එහිදී පොලිසියට ප‍්‍රකාශයක් දුන් එක් තරුණියක ස`දහන් කර තිබුණේ ඇය බදියුදීන්ගේ නිවසේ සේවය කර කාලයේ නිවසේ වැසිකිළිය හරිහැටි නොසේදුවේ යැයි පවසා රිෂාඞ් බදියුදීන්ගේ බිරි`ද තමන්ගේ හිස වැසිකිළි පෝච්චියේ ඔබා අපිරිසිදු ජලයෙන් නෑව්වේ යැයි යන්නය.

එම තරුණිය කියන අන්දමට හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ බිරි`ද ඒ තරමටම යක්‍ෂණියක්ද? යකින්නක් නොව මේ දිනවල වාර්තා වූ කරුණු අනුව අපට නම් සිතේනනේ ඇය වෙසමුණිගෙන් වරම්ගත් යක්‍ෂ රාජිනියක් යැයි කියාය.

එසේ නොවූයේ නම් මේ වන විට හෙළිදරව් වී ඇති පරිදි මීට පෙර බදියුදීන්ගේ නිවසේ සේවය කළ තරුණියක් කොල්ලූපිටියේදී දුම්රියකට පැන දිවි නසා ගන්නේ නැත. එසේම තවත් තරුණියක් අභිරහස් ලෙස බදියුදීන්ගේ වධකාගාරයේදී අසනීප වී මියැදෙන්නේ ද නැත. මේ සියලූ සිදුවීම්වලට හේතුව සිය සේවිකාවගේ මුහුණ වැසිකිළි පෝච්චියක ඔබන්නට තරම් තිරිසන් හිතක් තිබූ ශ්‍යාබ්දීන් අයේෂා නම් වූ යක්‍ෂණිය විය හැකිය. රිෂාඞ් බදියුදීන්ගේ බිරි`ද ශ්‍යාබ්දීන් අයේෂා මෙසේ යක්‍ෂණියක ලෙස ජීවත් වූයේ අදක ඊයේක සිට නොවන බව ඇගේ අතීතය හාරා ඇවිස්සීමේදී ද පෙනී යන්නේය.

රිෂාඞ් බදියුදීන් යනු වේලූපිල්ලේ ප‍්‍රභාකරන් උතුරේ මුස්ලිම් ජනතාව පහරදී පන්නා දමද්දී සිලි මල්ලක ඇඳුම් දමාගෙන කොළඹට පැමිණියකු බව ප‍්‍රකට කරුණකි. එසේ පැමිණි බදියුදීන් අද කොළඹ බෞද්ධාලෝක මාවතේ සුපිරි වධකාගාරයක් ද හිමි ප‍්‍රකට කෝටිපතියෙකි.

රිෂාඞ් බදියුදීන් එසේ කෝටිපතියකු වූයේ මේ රට තුළ කි‍්‍රයාත්මක නින්දිත දේශපාලනයට සහ විවිධ ජාවාරම්වලට පින්සිදු වන්නට බවද පසුගිය කාලයේ විටින් විට රට හමුවේ කියැවුණු කතාවලින්ද තහවුරු විය.

ප‍්‍රභාකරන්ට බියේ මන්නාරමෙන් කොළඹට පැමිණ දේශපාලනඥයකු වී ඇතැමුන් කියන පරිදි මෙසේ විවිධ ජාවාරම් කර ඇත්තේ රිෂාඞ් බදියුදීන් පමණක්ද? නැත. අපට වාර්තා වන ආකාරයට බදියුදීන්ගේ බිරි`ද ශ්‍යාබ්දීන් අයේෂා ද සුපිරි ජාවාරම්කාරියකි.

ඇගේ ඒ ජාවාරම් අතර ඉකුත් 2008 වසරේ සිටම ප‍්‍රකට ජාවාරම වූයේ මිනිසුන් ධීවර යාත‍්‍රා මගින් විදේශගත කිරීමේ මිනිස් ජාවාරමය. මෙහිදී මහ සයුර මැදදී මියගිය මිනිසුන් ගැහැණුන් පමණක් නොව කුඩා දරුවන් ද සිටිය හැකිය. එහෙත් ඒවා දන්නේ ද තම සේවිකාවන්ට දසවධ දුන් යක්‍ෂණියක වූ රිෂාඞ්ගේ බිරි`දමය.

වරෙක හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මන්නාරම අධිකරණයට ගල් ගසා මුළු රටම හෙල්ලූ පට්ට පොරක් වන්නේද බිරි`දගේ මේ මිනිස් ජාවාරම නිසාය. ඇගේ ජාවාරම පිළිබ`ද නඩුවක් මන්නාරම අධිකරණයේ විභාග වෙමින් තිබීම එසේ අධිකරණයට ගල් ගසා කුඩුපට්ටම් කිරීමේ බදියුදීන්ගේ කෝපයට හේතු විය.

එහෙත් එදා බදියුදීන්ගේ දේශපාලන ඞීල් නිසා මේවා යට ගිය කතා බවට පත්විය. අද අපි ආණ්ඩුවට කියන්නේ මෙසේ යට ගැසුණු බදියුදීන්ගේ ෆයිල්ද යළි එළියට ගත යුතු කාලය දැන් පැමිණ තිබෙන බවය. එසේ නොකළහොත් පිරිහෙන්නේ ආණ්ඩුවය.

අහිංසක ඉෂාලිනී යක්‍ෂණියක වූ බදියුදීන්ගේ බිරි`දගේ ග‍්‍රහණයේ පසු වෙද්දී දැවී පිළිස්සී මියයෑමෙන් පසු අනාවරණය වූ වැදගතම කරුණක් වන්නේ ඇය දීර්ඝ කාලයක සිට දූෂණයට ලක්වී ඇතැයි යන්නය. ඒ බව හෙළි වන්නේ මුල් මරණ පරීක්‍ෂණයේදීය. අද දවසේ ඉෂාලිනීගේ මව එම පරීක්‍ෂණය පිළිගත නොහැකි යැයි පැවසුවද එකී හෙළිදරව්ව මුල්වරට කෙරෙන්නේ එමගින්ය. අධිකරණ නියෝග මත ඉෂාලිනීගේ සිරුර පිළිබ`ද මේ වන විට විශේෂඥ පරීක්‍ෂණයක් සිදුකිරීමට නියමිතව ඇත්තේ ඒ පිළිබ`ද වැඩිදුරටත් පුළුල්ව සොයා බලනු පිණිසය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා කියන ආකාරයට එකී විශේෂඥ පරීක්‍ෂණයේදී ඉෂාලිනී මියගියේ කෙසේද? ඇය දූෂණය වූයේ නම් එම කාලවකවානුව ඇතුළු වැදගත් කරුණු කාරණා මොනවාද ආදී ලෙසින් එම කරුණු රැසක් පිළිබ`දව විද්‍යාත්මක විමසා බැලීමක් සිදුකිරීමට නියමිත බවය.

අපට වැටහෙන පරිදි නම් මුල් මරණ පරීක්‍ෂණයේදී පුංචි ඉෂාලිනී දූෂණයට ලක්වී ඇතැයි ස`දහන් වීම සිදු කිරීමට නියමිත දෙවැනි පරීක්‍ෂණයේදී වෙනසකට ලක්වීමට ඇති අවස්ථාව ඉතා ශූන්‍ය එකකි.

සැබවින්ම ඩයගම වත්තේ දුප්පත් පවුලක ඉපදී නැතිබැරි කමට බදියුදීන්ගේ නිවසේ සේවයට පැමිණි දැවී පිළිස්සී මියගිය අසරණ ඉෂාලිනීව දිගු කලක් තිස්සේ දූෂණය කළ තිරිසනා මොකා විය හැකිද?

එය මෙතෙක් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී නොමැති කරුණකි. ඉෂාලිනීව තලා මිරිකා දැමූ දූෂකයා කවුදැයි තවමත් අභිරහසකි.

එම සිද්ධිය අභිරහසක්ව තිබියදී ඉකුත් සතියේ එක්තරා වැදගත් සිදුවීමක් අපට වාර්තා විය. එය වූයේ රිෂාඞ් බදියුදීන්ගේ තවත් මස්සිනා කෙනකු ඉකුත් 2007 වසරේ මැයි මස 29 වැනිදා තරුණියක දූෂණය කිරීමේ චෝදනාවකට කොළඹ මහාධිකරණය ඉදිරියේ වරදකරු වී වසර පහළවක සිර ද`ඩුවමකට යටත්ව බන්ධනාගාරගතව සිටි බවය.

ඔහු නමින් මොහොමඞ් හනීෆා යන්නෙකි. සිර අංක එල්. 17462 යටතේ වැලිකඩ බන්ධනාගාරයේ ර`දවා සිටි ඔහු ඉකුත් 2016 වසරේදී පමණ නිදහස්ව ගිය බවද අපට වාර්තා විය.

බදියුදීන්ගේ එකී මස්සිනා නිදහස ලැබීමේදී එකල ප‍්‍රබල ඇමැතිවරයකුව සිටි රිෂාඞ් බදියුදීන් බන්ධනාගාර නිලධාරීන්ට විවිධ බලපෑම් කළ බවක්ද අනාවරණය විය.

එසේම ඉෂාලිනී මියගිය පසු බදියුදීන් පවුලට සමීප තොරතුරකින් අපට දැනගැනීමට ලැබුණේ බෞද්ධාලෝක මාවතේ වධකාගාරයේ ඉෂාලිනී සේවය කරද්දී බදියුදීන්ගෙග් මස්සිනා කෙනකුද එම නිවසේ සිටි බවකි.

එය සත්‍යයක් නම් බදියුදීන්ගේ වධකාගාරයේ සිටි ඒ මස්සිනා වන්නේ තරුණියක දූෂණය කර සිරදඬුවම් ලබා නිදහස් වූ මොහොමඞ් හනීෆාද?

අප මේ සඳහන් කරන්නේ බදියුදීන්ගේ නිවසේ ගෘහ සේවයේ යෙදී සිටි 22 හැවිරිදි තරුණියක දූෂණය කළ බවට සැකපිට දැනට පොලිස් අත්අඩංගුවට ගෙන සිටින මස්සිනා ගැන නොව වෙනත් මස්සිනා කෙනකු පිළිබඳවය. බදියුදීන්ගේ ඒ මස්සිනා දැන් සිටින්නේ කොහේද?

අසරණ ඉෂාලිනීව තලා පෙලා දිගු කලක් තිස්සේ දූෂණය කරනු ලැබුවේ ස්තී‍්‍ර දූෂණයට පළපුරුදු බදියුදීන්ගේ මේ කියන මස්සිනා විය නොහැකිද?

ඉෂාලිනී දැවී පිළිස්සී මරණයට පත් වූයේ බදියුදීන්ගේ මෙකී මස්සිනා බේරා ගැනීම ස`දහා ඔහුගේ බිරි`ද ශ්‍යාබ්දීන් අයේෂා සහ ඇගේ පියා ඇතුළු පිරිස භූමිතෙල් දමා ඉෂාලිනීට ගිනි තැබූ නිසා විය නොහැකිද?

පොලිසියේ මහත්වරුනි, අපද ඇතුළුව අද රටම බලා සිටින්නේ මේ ගැටලූවලට පැහැදිලි පිළිතුරු ලැබෙන තුරුය. ඒ පිළිතුර වංගු නැතිව රටට ලබාදීම පොලිසියේ අනිවාර්ය වගකීම බවද සිහිපත් කළ යුතුව ඇත.

  • සමන් ගමගේ