මෙරට සිටින විදේශිකයන්ගේ වීසාවලට සහනයක්

දැනට ශ්‍රී ලංකාව තුළ රැදී සිටින විදේශිකයින්ගේ සියලු වර්ගයේ වීසා බලපත් වලංගු කාල සීමාව අද (08දා) සිට සැප්තැම්බර් මස 07 වැනිදා දක්වා මසකින් දීර්ඝ කිරීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

එම කාලසීමාව තුළ කල් ඉකුත් වන වීසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරනු ලබන අතර කිසිදු දඩ මුදලක් අය නොකරන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව සංචාරක වීසා බලපත් හිමි විදේශිකයින් එම වීසා දීර්ඝ කිරීමට අදාළය වීසා ගාස්තු ගෙවීමට https://eservices.immigration.gov.lk/vs  යන වෙබ් අඩවියට පිවිස අදාළ ගාස්තු ගවා මාර්ගස්ථ ක්‍රමවේදය ඔස්සේ වීසා ලබා ගැනීම කළ හැක.යම් හෙයකින් මෙම කාලය තුළදී දිවයිනෙන් බැහැර වන්නේ නම් අදාළ වීසා ගාස්තු ගුවන් තොටුපළේදී ගෙවා මෙරටින් පිටත්ව යා හැකි බවද ආගමන විගමන දොපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

මේ අතර වීසා බලපත් දීර්ඝ කර ගැනීම සදහා සතියේ රාජකාරී දින වල පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා 070/7101050 යන දුරකථන අංකය අමතා දිනයක් හා වේලාවක් වෙන් කර බත්තරමුල්ල පිහිටි අගාමන විගමන ප්‍රධාන කාර්යාලයට පැමිණි අදාළ වීසා ගාස්තු ගෙවි යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.