තත්ත්වය භයානකයි, කොවිඩ්-19 මරණ 5,000 ඉක්මවයි

මෙරට කොවිඩ්-19 ආසාදිතව මරණයට පත්වූ පිරිස 5000 ඉක්මවා තිබේ. මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 5,017 ක් දක්වා ඉහළ ගොස් ඇත. එහෙයින් තත්ත්වය භයානක බවත් අත්‍යවශ්‍ය කටයුතුවලට හැර නිවසින් බැහැර නොයන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කර සිටියි.