Thursday, April 25, 2024
Home Headlines ලාෆ්ස් ගෑස් හිඟයක්

ලාෆ්ස් ගෑස් හිඟයක්

රට පුරා ලාෆ්ස් ගෑස්වල හිඟයක් පවතින බව පාරිභෝගික ජනතාවගෙන් මැසිවිලි එල්ලවී තිබේ. විශේෂයෙන්ම බොහෝ වෙළඳසල්වල ගෑස් නොමැති බවටද ඔවුහු මැසිවිලි නගති.

ගෑස් අලෙවි නියෝජිතයන් පවසන්නේ පසුගිය දින කිහිපය තුළ ගෑස් සමාගම මගින් තමන් වෙත ගෑස් නිකුත් කර නොමැති බවයි. මේ නිසා ගෑස් හිගයක් වෙළෙඳ පොලේ ඇති වී තිබෙන බවට ඔවුන් සදහන් කරයි.

ඇතැම් පාරිභෝගිකයින් ලාෆ්ස් ගෑස් සිලින්ඩරය රැගෙන ලිට්රෝ වෙලදසල්වලට ගොස් තිබෙන අතර මේ දක්වා ලාෆ්ස් ගෑස් හුවමාරු කිරීමට දැනුම් දී නොමැති බව  වෙළෙඳුන් පවසා ඇත.

වෙළෙඳ පොළේ අවශ්‍යතාවයෙන් සියයට 70වක් ලිට්රෝ සමාගම ද සියයට 30ක් ලාෆ්ස් සමාගම මගින් ද සපයනු ලබයි.

මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියි.