ලුසියා සූක්ස් කණ්ඩායම ලුසියා කිංග්ස් නමින් අලුත් වෙයි

කැරිබියන් ප්‍රිමියර් ලීග් (සීපීඑල්) ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ‘සෙන්ට් ලුසියා සූක්ස්’ කණ්ඩායමේ හිමිකාරිත්වය විසින් එහි නම සංශෝධනය කර ‘සෙන්ට් ලුසියා කිංග්ස්’ යන නම ලබාදී තිබේ. ඒ අනුව එම කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් නව ලාංඡනයක්ද මේ සමගම කණ්ඩායමට හඳුන්වාදෙනු ලැබීය.

‘සෙන්ට් ලුසියා කිංග්ස්’ කණ්ඩායමේ හිමිකාරීත්වය දරනු ලබන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන පංජාබ් කිංග්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන සමුහය විසිනුයි.

සීපීඑල් තරගාවලියට ක්‍රීඩා කරන ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් (කොල්කටා නයිට් රයිඩර්ස්) සහ බාබඩෝස් රෝයල්ස් (රාජස්ථාන් රෝයල්ස්) යන කණ්ඩායම්වල හිමිකාරීත්වයද ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම්වල හිමිකාරීත්වය සතු වන අතර, ඔවුන්ද ඔවුන්ගේ කණ්ඩායම් නාමයන් වෙනස් කර තිබුණි.

ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දකුණු අප්‍රිකාවේ ෆෆ් ඩු ප්ලෙසිස්ටද පුහුණුකාරිත්වය සිම්බාබ්වේ ජාතික ඇන්ඩි ෆ්ලවර්ටද හිමිව ඇත.