Friday, March 29, 2024
Home Headlines වැඩිමිලට හාල් අලෙවි කළොත් රු. 100,000ක දඩයක්

වැඩිමිලට හාල් අලෙවි කළොත් රු. 100,000ක දඩයක්

රජයේ සහතික මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳසැල් හිමියන්ට රුපියල් 100,000ද දඩයක් අයකිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මීට පෙර මෙම දඩය පැවතුණේ රුපියල් 2500ක මුදලකි.
දඩ මුදල වැඩි කිරීමට පාරිභෝගික සේවා අධිකාරී පනතේ වගන්තිය කඩිනමින් සංශෝධනය කරන බවත් එම සංශෝධන ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.