උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 91කින් පරදියි

විපක්‍ෂ සමගි ජන බලවේගය විසින් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්දව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාංසභංග යෝජනාව බහුතර ඡන්දයකින් පරාජයට පත්විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 61ක් හා විපක්ෂව ඡන්ද 152ක් ලැබීමත් සමග වැඩි ඡන්ද 91කින් එය පරාජයට පත් විය.

ආන්ඩු පක්‍ෂයේ කිසිවෙකු විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය භාවිත නොකල අතර ඡන්දය විමසන අවස්ථාවේ මන්ත‍්‍රීන් 11ක් සභාවේ නොසිටියහ.