විදේශිකයන්ගේ වීසාවලට සහනයක්

ශ්‍රී ලංකාවේ මේවනවිට රැඳී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසා කාලය මෙම මස 07දා සිට ඔක්තෝබර් මස 07දා දක්වා දීර්ඝ කළ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මැයි මස 11දා සිට ඔක්තෝබර් මස 07දා දක්වා කාලය තුළ කල්ඉකුත් වන වීසා සඳහා ගාස්තුව පමණක් අය කරන බවත් දඩ මුදල් අය නොකරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

නේවාසික වීසා හිමිකරුවන්ට වීසා දීර්ඝ කර ගැනීම සඳහා රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා 070 7101050 දුරකථනයට අමතා දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණිය යුතු බව ආගමන හා විගමන පාලකවරයා කියයි.

සංචාරක වීසා මත මෙරට රැදී සිටින විදේශිකයන්ට https://eservices.immigration.gov.lk/vs යන වෙබ් අඩවියට පිවිස අන්තර්ජාලය ඔස්සේ වීසා අලුත් කර ගත හැකි බවත් ඔවුන් රටින් පිට වන්නේ නම් වීසා ගාස්තු ගුවන්තුටුපළට ද එසේ නැත්තනම් නිරෝධායන ඇදිරිනීති සීමාවන්ට යටත්ව බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණ වීසා පිටසන් කරගත හැකි බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.