රිෂාඩ්ට මොබයිල් දුන් ජේලර්ව වවුනියාවට මාරු කරයි

රිමාන්ඩ් බන්ධනාගාරගතව මැගසින් බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ජංගම දුරකථනය ලබා දී ඇත්තේ මැගසින් බන්ධනාගාරයේ රාජකාරි කරන ජේලර්වරයකු බවට හෙළිවී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි. බුද්ධි අංශ මගින් මේ සම්බන්ධ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් විනය පරීක්ෂණයට යටත්ව වහාම ක්‍රියාත්මකවන පරිදි අදාල ජේලර්වරයා මැගසින් බන්ධනාගාරයේ සිට වව්නියාව බන්ධනාගාරය වෙත ස්ථාන මාරු කිරීමට බන්ධනාගාර මූලස්ථානය පියවර ගෙන ඇති බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.