ශ්‍රී ලංකා හිටපු වේගපන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගෙන් මුරලිදරන්ට සැර පිළිතුරක්

LEEDS, ENGLAND - JUNE 24: Dhammika Prasad of Sri Lanka celebrates taking the wicket of Matt Prior of England during the 2nd Investec Test Match day five between England and Sri Lanka at Headingley Cricket Ground, on June 24, 2014 in Leeds, England. (Photo by Mitchell Gunn/Getty Images)

ක්‍රිකට් ක්‍රීඩකයන් විවේචනය කරනු විනා ඔවුන්ව දිරිගන්වන්න යැයි ශ්‍රී ලංකා හිටපු වේගපන්දු ක්‍රීඩක ධම්මික ප්‍රසාද් හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන්න වන මුත්තයියා මුරලිදරන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ ධම්මික ප්‍රසාද් ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

මෙහිදී ප්‍රසාද් මුත්තයියා මුරලිදරන්ගෙන් ඉල්ලා සිටියේ ඔබ වැනි අග්‍රගණ්‍ය පන්දු යවන්නෙක් මේ වනවිට ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන හෙයින් අන් අය සමග එකතුවී ක්‍රිකට් ගොඩනැංවීමට කටයුතු කරන ලෙසයි.

ධම්මික ප්‍රසාද් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,

‘ඔබ වචනයේ පරිසමාප්තයෙන්ම වීරයෙකි. අග්‍රගන්ය ක්‍රීඩකයෙකි. තනිව ජයග්‍රහණ රැසක් ලංකාවට ගෙන එනු ලැබූ අද්විතීය කිසිවකුට සම කල නොහැකි එදා මෙදා තුර බිහිවූ වැඩිම කඩුලු ලාභී විශිෂ්ටතම පන්දු යවන්නා බව අවිවාදාත්මකව පිළිගත යුතු සත්‍යකි. එම ගෞරවය සැමදා අප කෙරෙහි සහ සමස්ත ක්‍රිකට්  ලෝකයාගේම පවතින බව නොරහසකි.

නමුත් දින කිහිපයකට පෙර යම්කිසි නාලිකාවකට පැමිණ කරන ලද වැඩසටහනේ ඔබ කියූ මිනිසුන් නොදන්න පැති කිහිපයක් ගැන සැලකිල්ල යොමු කිරීමට සහ දයාබර ක්‍රීඩාලෝලීන් දැනුවත් කල යුතුව ඇත. එලෙසෙම ඔබ හා මා සසදන විට අහස හා පොලොව තරම් ලොකු පරාසයක් ඇත. ඔබ එතරම් මේ රට වෙනුවෙන් යුතුකම් කර ඇති රටට ණය නැති පුතෙකි.

නමුත් එම වැඩසටහනේ ඔබ කෙතරම් දුරට තම සහෝදර ක්‍රීඩකයන්ට ගෞරවය කලාද, තම සහෝදර ක්‍රීඩකයන් වෙනුවෙන් කොතරම් දුරකට සිට ගත්තාද යන්න මට පෞද්ගලිකවම ඇතිවූ ගැටළුවකි. අපට එදා සිට මේ ක්‍රිකට් පරිපාලනය තුල සහ කණ්ඩයමේ ප්‍රශ්න තිබිණි. නමුත් ගෙදර ප්‍රශ්න පිටට නොදෙන්නාක් මෙන් ඒවා අප ඇතුලෙම තිය ගෙන විසදගෙන කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කරන ලදී, ඔබ මේ හරහා සමාජය තුල වැරදි කතිකාවතක් නිර්මාණය වන ලදී, අපට ක්‍රීඩකයන්ගේ පුද්ගලීක කාරණා අවශ්‍ය නැත. නැතහොත් අනික් අයගේ රෙදි සේදිය යුතු නැත,

එලෙසෙම විනය යනු ඕනිම කෙනෙකුගේ පළමු තැන විය යුතුය. මම එයට ඔබ හා එකග වෙමි. විනයානුකුලබාවය පොඩි කාලේ සිටම ඔබ ඔබගේ දෙමාපියන්ගෙන්, පාසලෙන්, මේ ක්‍රීඩාවෙන් ප්‍රගුණ කල යුතු දෙයකි. එමනිසා විනය ක්‍රීඩාවේ මෙන්ම සමාන්‍ය ජිවිතයේද අත්‍යඅවශ්‍යම සාදකයකි.

එලෙසෙම රට වෙනුවෙන් අප ක්‍රීඩා කලේ එයට සරිලන වැටුපක් අපට ලැබෙන නිසාය, අප කැමතිම දෙය අපගේ රැකියාව කර ගැනීමට තරම් අප වාසනාවන්ත විය.එලෙසම අප සැම විටම ක්‍රීඩා කලේ රට වෙනුවෙනි, ඒ සදහා ක්‍රීඩකයන් ගෙන එනු ලබන මුදලින් ක්‍රිකට් ආයතනය විසින් අප හට වැටුපක් ලබා දෙන ලදී, එමනිසා කිසිම කෙනෙකු මුදල් නොමැතිව ක්‍රීඩා කර නැත. එසේනම් එය බොරුවකි. අපගේ අනාගතය සාර්ථක කර ගැනීම සදහා අපට මුදල් අවශ්‍යවේ. එමනිසා රට වෙනුවෙන් පමණක් ක්‍රීඩා කිරීම පට්ට පල් බොරුවකි. ඔබ එසේ නොවීනම් එය පිළිගත හැකය.

ක්‍රීඩකයන්ගේ අයිතීන් වෙනුවන් ඔවුන් කථා කිරීමට ඔවුනට අයිතියක් ඇත. එමනිසා ඔවුන්ගේ රැකියාව සහ ඔවුන්ගේ දක්ෂතා අනුව ඔවුන්ට ඒ ගැන විමසීමට සදාචාරාත්මක අයිතියක් ඇත. ඔබ සමහර ක්‍රීඩකයන්ගේ නම් සදහන් කරමින් ඔවුන්ගේ ප්‍රතිරූපයට හානි වන අයුරින් කටයුතු කිරීම කොතරම් සදාචාරාත්මකද?

අප මේ වන විට දුර්වල ක්‍රීඩා විලාශයක් පිලිබිබු කරන අතර මේ සදහා ඔබ ඇතුළු අනිකුත් සාමාජිකයන්ගේ භූමිකාව සහ මේ සදහා ගනු ලැබූ ක්‍රියා මාර්ග ගැන ඔබ කථා කල අයුරින් මට හැගී ගියේ ඔබ පරිපාලනය සුද්ද කලාදෝ යන්නය? මා එසේ කියනුයේ ඔබ කියූ පරිදි ක්‍රීඩකයන් පමණක් 2015 සිට ක්‍රීඩා කර ඇති බවය. මෙයට පරිපාලනයේ කිසිම වැරද්දක් නොමැති බව ඔබගේ කතාවෙන් ගම්‍ය විය.

එසේනම් මෙයට කෙලින්ම වැරදිකාරයන් වනුයේ  ක්‍රීඩකයන්ය. මෙවැනි අවස්ථාවක අප කල යුත්තේ ක්‍රීඩකයන් විවේචනයන් කරනු විනා ඔවුන්ව දිරි ගැන්වීමය. ඔබ වරක් මෙවැනිම මාධ්‍ය සාකච්චාවකදී ක්‍රිකට් හදන්න බැරියයි පවසන ලද බව මා හට දැක ගැනීමට හැකිවිය. දැන් ඔබ ක්‍රීඩා කමිටුවේය. ඔබට යමක් අන් අය හා එකතුවී කල හැකිය. ඒ දෙස ඉතා උනන්දුවෙන් බලා සිටිමි.

එලෙසෙම ඔබ අවසන් බාගයේ තවත් ක්‍රීඩකයෙකුගේ ශාරීරික යෝග්‍යතාවය හුවා දක්වමින් කථා කිරීමද අනුමත කල නොහැක. මන්දයත් ඔබ එසේ කියනවිට ඔබට දෙයක් අමතකවී ගිය දෙයක් මතක් කර දීමට කැමතිය. එම ක්‍රීඩකයා තම දණහිසේ අබාධයන්ට ගොදුරුවී ශල්‍යකර්ම කිහිපයක් කර රතු පන්දුවෙන් පන්දු නොයවා සිටියදී ඔබගේ බලවත් ඉල්ලීම මත ඔබගේ අවසන් ටෙස්ට් තරගයට සහාභාගීවී කඩුලු 5 දවා එම තරගය ජයග්‍රණයට දායකවූ සහ එවැනි කැපකිරීමක් කල ක්‍රීඩකයෙක් unfit ක්‍රීඩකයෙක් ලෙස සදහන් කිරීමද ඔබ ගැන මා තබා තිබු ඒ දැඩි ගෞරවය ගැන මා දැන් මගෙන් ප්‍රශ්න ඇසීමට යොමුකරන ලදී.

ඔබවද මා මාගේ කර මතින් රැගෙන ගියේ යන ප්‍රශ්නයද මා තුල මතු විය. එලෙසෙම රංගන හේරත්ගේ සහාය ලබා ගැනීමට යාමේදී ඇතිවූ මත ගැටුම්ද ඔබට මතක ඇති බව විශ්වාස කරමි. එලෙසෙම ඔබ එදා කථා කල කෙනාමදැයිද යන්න තවත් මා තුල සැකයක් ඇතිවේ. එමනිසා ඔබ අමාරුවෙන් උපයා ගත් ඔබගේ නාමය කිසිම කෙනෙකු ඉදිරියේ පහලට නොදමා, ඔබගේ ඒ එඩිතර සිංහ ලීලාව කිසි විටක යටපත් නොකර, කිසිම කෙනෙකුගේ අතකොලුවක් නොවී ඔබලාම මෙතනට රැගෙන ආ ඔබලාම ඔසවා තැබූ මේ ක්‍රීඩාව අනාගතයේ අපගේ දරුවන් වෙනුවෙන් රැක දේවී යන පැතුම සමග ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩකයන් වෙනුවෙන් පෙනී සිටිය යුතු බව මතක් කර දෙමින් එදා එම වැඩසටහන තුල මා දුටු අපගේ ආදරණිය ප්‍රේක්ෂකයා නොදුටු පැති කිහිපයක් පෙන්වා දීමට මම මෙයාකාරයෙන් මෙම සටහන ඉදිපත් කරන ලදී.

අපට මිනිසුන් ආදරය කරනුයේ කිසිම නිර්නායකයක් නොමැතිවය. එලෙසෙම අප ඔවුන් වෙනුවෙන් මේ ක්‍රීඩාව රැක ගැනීම, බේරා ගැනීම පරම යුතුකමක් සේ කල යුතුම දෙයකි. එමනිසා කිසිම පාර්ශවයන්ගේ පුද්ගලීක නියායන් මත නොසිට එකතුවී එක කණ්ඩායමක් ලෙස මේ ක්‍රීඩාව ගොඩ ගත හැකි බව මාගේ පුද්ගලික මතය වේ. එලෙසෙම දීර්ග කාලීන සැලැස්ම අපට තිබිය යුතුය, නමුත් එය වෙත අප යාමේදී අපගේ වර්ථමාන තත්වයද සැලකිල්ලට ගත යුතුය.(සැ.යු. – බුද්ධිමත්ව මෙය කියවා බලා තේරුම් ගත හොත් මා පැවසු හා පවසන දෙය කුමක්ද කියා, එලෙසම ඔහු වචනයේ පරිසමාප්තයෙන්ම විශිස්ටයෙක් බවත් කිසිම විටක ඔහු හා මා සම කල නොහැකි බවත්, එලෙසම මිනිසුන් නොදකින පැත්ත ඔවුනට පෙන්වා දිය යුතු බවත්) යන්න පවසා තිබුණි.

Sri Lankan cricketer Dhammika Prasad holds the match stumps after victory in the Test match series between Sri Lanka and the West Indies at the P. Sara Oval Cricket Stadium in Colombo on October 26, 2015. Sri Lanka defeated the West Indies by 72 runs in the second and final Test in Colombo to sweep the series 2-0. AFP PHOTO/ Ishara S. KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP/Getty Images)