Thursday, April 25, 2024
Home Headlines Coronavirus සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක තොගයක් අද දිවයිනට

සයිනොෆාම් එන්නත් ලක්ෂ 20ක තොගයක් අද දිවයිනට

Morgantown, WV - 16 December 2020: Small bottle of coronavirus vaccine with syringe with background of the Chinese company Sinopharm logo
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක තොගයක් අද (22දා) මෙරටට ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය . මේ අනුව මේ දක්වා මෙරට ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා මුළු සංඛ්‍යාව ලක්ෂ 91කි.

මේ එන්නත් තොගයද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගනු ලැබූවකි.

මේ එන්නත් තොගය  ලැබුණු පසු ඉන් ලක්ෂ හතරක්  කුරුණෑගල දිස්ත්‍රික්කයටද   දෙලක්ෂ හැත්තෑ පන්දහසක් ගාල්ල දිස්ත්‍රික්කයටද  යොමු කෙරෙන බව මහාචාර්ය ජයසුමන මහතා කීවේය.

මෙයට අමතරව මාතර, බදුල්ල, සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට ලක්ෂ දෙක බැගින්ද පුත්තලම, නුවරඑළිය, මොනරාගල, පොලොන්නරුව, අම්පාර සහ මඩකළපුව  යන දිස්ත්‍රික්කවලට ලක්ෂය බැගින්ද හම්බන්තොට දිස්ත්‍රික්කයට එක්ලක්ෂ විසිපන් දහස බැගින්ද එන්නත් යොමු කරන බව රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් කීය‍ෙ

මේ අතර සයිනොපාම් එන්නත  ලබාගත් පුද්ගලයන්ගෙන් සියයට 95කටම ඉහළ ප්‍රතිශක්තියක් ලැබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද  සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත .