සිනොෆාම් එන්නත් ලක්ෂ 40ක් අගෝස්තුවේදී දිවයිනට

Morgantown, WV - 16 December 2020: Small bottle of coronavirus vaccine with syringe with background of the Chinese company Sinopharm logo

චීනයේ නිෂ්පාදිත තවත් සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් අගෝස්තු මස පළමු සතියේ මෙරටට ලැබීමට නියමිතව ඇතැයි චීනයේ බීජිං ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. ඒ අනුව අදාළ එන්නත් තොගය අගෝස්තු මස 04 සහ 08 යන දින අතර ශ්‍රී ලංකාවට ගුවනින් රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බවද එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ශ්‍රී ලංකා රජය විසින් මුදල් ගෙවා එම එන්නත් තොගය වෙන්කරවා ඇති අතර මෙලෙස එකවර ලබා ගත් වැඩිම එන්නත් මාත්‍රා තොගය මෙය වන බවද එම තානාපති කාර්යාලය පවසයි.

මේ එන්නත් මාත්‍රා ලක්ෂ 40 ද ඇතුළුව මේ දක්වා ශ්‍රී ලංකාව විසින් චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 120ක් චීනයෙන් මිලදී ගෙන ඇති අතර චීන රජය විසින් තවත් එන්නත මාත්‍රා ලක්ෂ 27ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි බීජිං හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කරයි.