ළිඳකට වැටී 13ක් මරුට

උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර් දිස්ත්‍රික්කයේ විවාහ උත්සවයක් අතරතුර දී එයට සහභාගි වූ 13 දෙනෙකු අනාරක්ෂිත විශාල ළිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. පොලීසිය ප්‍රකාශ කරන්නේ ළිඳේ බැම්ම මත තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් මත හිඳ සිටි කාන්තාවන් සහ දරුවන් පිරිසක් මේ ඛේදනීය සිදුවීමට මුහුණ පෑ බවය. එම කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටී ඇත්තේ ඔවුන්ගේ අධික බර හේතුවෙනි. තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

කොන්ක්‍රීට් තට්ටුව කඩා වැටුණු මොහොතේ එම විවාහ උත්සවයට සහභාගිවී සිටි අමුත්තන් වහා එහි පැමිණ ඔවුන් ඉවතට ගෙන රෝහල වෙත රැගෙන ගොස් ඇත. ඉන් 11 දෙනෙකු ඒ මොහොතේදීම මියගොස් ඇති අතර, තවත් දෙදෙනකු ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බව වෛද්‍යවරු පවසති.