මෙරට 17 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 17 වන කොරෝනා මරණය අද (27 වැනිදා) වාර්තා විය. කොවිඩ් ආසාදිතව රෝහල් ගතකර සිටි 41 ක් හැවිරිදි ජා-ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇති බව ජාතික බෝ නොවන රෝග විද්‍යායතනය පවසයි. ඔහු සිරෝසීස් රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවද වැඩිදුරටත් සඳහන් වෙයි.