බදියුදීන් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන නොවැම්බර් 10 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබේ.
2019 ජනාධිපතිවරණ සමයේ සිදුවු රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් පසුගියදා දෙහිවල ප්‍රෙද්ශයේදී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගනු ලැබු අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (27 වැනිදා) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.