සිරකරුවන් 197කට ලැබෙන ජනාධිපති සමාව රන්ජන්ටත්….!

මෙරට 74 වන ජාතික නිදහස් දිනය වෙනු‍වෙන් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති පොදු සමාව හිමි වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
මෙලෙස හෙට ජනාධිපති පොදු සමාව ලබන පිරිස අතර වැඩිම පිරිසක් නිදහස ලබන්නේ මහර බන්ධනාගාරයෙනි එම සංඛ්‍යාව 20කි. ඊට අමතරව කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්, කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්, වාරියපොළ බන්ධනාගාරයේ සිරකරුවන් 10ක් වශයෙන් හෙට දිනයේදී සමාව ලැබී නිදහස් වන පිරිසට ඇතුළත්ය.
මේ අතර දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස් දිනයේදී සමාව ලැබී නිදහස ලැබේදැයි කා අතරත් දැඩි කතා බහක් මතුවී ඇත.