20 විවාදය හෙට

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීම හෙට (21 වැනිදා) සිදු කෙරේ.
කෙසේ වෙතත් හෙට පාර්ලිමේන්තුව පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධය එල්ල වී ඇති අතර කොරෝනා වෛරස් තත්ත්වය සැළකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුව කල් දමන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
මීටරයක දුර පවත්වාගෙන යෑම සහ අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පිලිපැදීම පිළිබඳ ගැසට් පත්‍රය පසුගියදා නිකුත් කෙරුණු අතර එය කඩ කරන පුද්ගලයන්හට සිර දඬුයම් හෝ දඩ මුදල් ගෙවීමට සිදුවන බව එහි සඳහන් වේ. ඒ අනුව එම ගැසට් පත්‍රයේ සඳහන් පරිදි මීටරයක දුර පවත්වා ගනිමින් අසුන් ගැනීමට පාර්ලිමේන්තුවේ ඉඩ කඩ නොමැති බව ඔවුන් මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙයි.