2021 ලෝකයේ ලොකුම නත්තල් ගස….

කිතුනුවන්ගේ වාර්ෂික මංගල්‍ය හෙවත් නත්තල් උත්සවයේ කැපී පෙනෙනම අංගය වන්නේ නත්තල් ගසයි. සෑම කිතුනු බැතිමතකුම නත්තල් ගසක් අලංකාවර සකස් කරමින් ජේසුස් වහන්සේ වෙනුවෙන් නත්තල සමරනු ලබයි. කෙසේ වෙතත් නත්තල් අසිරිය ලොව පුරා පැතිරී යද්දී 2021 වසරේ ලොව උසම නත්තල් ගස ලෙස වාර්තාවක් පිහිටුවීමට ඇමරිකාවේ එනිඩ් හී ඔක්ලාමා හී පිහිටි නත්තල් ගස සමත්ව තිබෙනවා.
මෙම නත්තල් ගස අඩි 140 ක් උස වන අතර මෙය ලෝක ප්‍රසිද්ධ රොක්ෆෙලර් ගසට වඩා තුන් ගුණයක් උස බවයි සඳහන් වෙන්නෙ. නත්තල් ගස අලංකාර කිරීමට විදුලි ආලෝක 20000 ක්ද විසිතුරු භාණ්ඩ 10000 ක්ද එක්කර තිබෙනවා. මීට අමතරව කුඩා නත්තල් ගස් 12 ක්ද ඒ ආශ්‍රිතව සකස් කර තිබෙනවා.
ලොව උසම නත්තල් ගසේ මැවුම් කරුවා වන්නේ කයිල් විලියම්ස්. ඔහුගේ සංකල්පයක් මත තමයි මෙම ගස නිර්මාණය වෙලා තියෙන්නෙ. කොහොම වුණත් පසුගිය ඔක්තෝම්බර් මාසයේ කැලිෆෝනියාවේ සිට මෙම නත්තල් ගස ඔක්ලාමා වෙත ඇදගෙන ගිය බවද ඔහු සඳහන් කරනවා.

”ගස මෙතනට ගෙන ඒම ඉතාමත් දුෂ්කර වුණා. ඒ වෙනුවෙන් මම කලබල වුණා කියලා කියන්නම ඕන. මොකද එල්ලා ඇති දේවල් කැඩෙන්න පුළුවන්. කුණාටුවක් වැනි හුළගට හසු වුණානම්; ඒ වගේම වැස්සකට හසු වුනානම් තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. කොහොම වුණත් අන්තිමට වෙලාවට මෙතනට ගෙන්න එන්න පුලුවන් වුණා. මේ නත්තල් ගස ආරක්ෂිතව මෙහි ගෙන එන්න ස්වාමීන්වහන්සේ අත තියන්න ඇති.” යැයි විලියම්ස් පවසනවා.