ශරීරයේ තියෙන උපාංග කුණු හරුප වෙන්නෙ කොහොමද – ජංගි හෝරා ගැන සෝමරත්න දිසානායක කතා කරයි

  • ප්‍රභාත් ජයවර්ධන

කෝවිඩ් වසංගතය හමුවේ සියලුම ක්ෂේත්‍ර හොම්බෙන් ගියා කිවහොත් නිවැරදිය. එවිට ලෝකය සනසන කලාවටද එම වින්නැහියම සිදුවිය. නමුත් කලාව නැගිටිමින් මිනිසා පිනවීමට හරබර නිර්මාණ අවශ්‍ය වේ. සෝමරත්න දිසානායක යනු මෙරට කාලවට අපූරු දායාද එක් කළ අධ්‍යක්ෂකවරයෙකි. නමුත් තිරය පිටුපස රග දක්වන දේ එළියට ඇවිත් විකෘති කරන සමාජයකට දිය යුතු දේ නොබියව ලබාදීමට ඔහු ජංගි හෝරා නැමැති චිත්‍රපටයෙන් උත්සහ කර තිබේ. එය අසභයද.. සභයද… ප්‍රශ්නය එය නොවේ. කාලීන මාර්තෘාවක් හැටියට වැඩිහිටියන් පිනවමින් සිඳී ගොස් තිබෙන ප්‍රේක්ෂකාගාර නැවත පිරවීමට ගත් උත්සයක ප්‍රතිඵලයක් වශයෙන් ජංගි හෝරා හැඳින්විය හැකිය. එහි හොඳ නරක සමාජයේ මාර්කෘවට බඳුන් වෙද්දී ඒ ගැන සෝමරත්න දිසානායක කියන කතාවනම් අපූරුය.

ජංගි හෝරා චිත්‍රපටයේ මංගල දර්ශනය පෙන්වීමට මොහොතකට පෙර එහි අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා මෙහෙම කතාවක් කියනවා. “ඇත්තටම පොඩි කාලයේ අපිට ජංගි ඇදගෙන ඉන්න හොඳයි. අපේ ශරීරයේම තියෙන උපාංග කොහොමද කුණු හරුප වෙන්නෙ. ඒක එහෙම වෙන්න බැහැ. නමුත් දැනට එහෙම පිළිගැනීමක් තියෙන නිසා අපි ඒක පැත්තකට දාමු. අපි පොඩි එවුන්ට චූටි කාලයේ ජංගි අන්දවනවා. ජංගි හෝදනවා. පොඩි එවුන් ජංගියේ තෙමාගන්නවා. ඒත් ඒක ලොකු උනාට පස්සෙ කුණු හරුපයක් වෙනවා. ඒක අසභ්‍ය වෙනවා. ඒක තමයි සමාජ සම්මතය. නමුත් මගේ චිත්‍රපටි නරඹලා මා ගැන දන්න අය මේක බැලුවහම කියයි මේක සෝමරත්න දිසානායකයන්ගෙ චිත්‍රපටියක්ද කියලා.”
”මාව බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ළමා චිත්‍රපටි නිෂ්පාදක සෝමරත්න දිසානායක කියලා. හැබැයි ඒ නමට මම ඒ තරම් කැමැති නැහැ. සෝමෙ මාමගෙ චිත්‍රපටියක් එනකම් බලන් ඉන්න පොඩි එවුන්ට මේ චිත්‍රපටිය නොපෙන්වා ඉන්නෙ කොහොමද කියලා මම කල්පනා කරනවා. ඒක දෙමව්පියන්ට භාරයි. එතකොට කියන්න පුතේ මේක නෙමෙයි වෙන චිත්‍රපටියක් ඔයාලට බලන්න සෝමෙ මාමා හදයි කියලා. මට ඕන වුණා ඇත්තටම මම හිරවෙලා ඉන්න කූඩුවකින් එළියට එන්න. හැම තැනම මාව හඳුන්වන්නෙ ළමා චිත්‍රපටි අධ්‍යක්ෂක කියලනෙ.”
”ඉරාන චිත්‍රපටි සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂ හැටියට මාව වේදිකාවට කැදවනකොට ඒ නිවේදිකාව මට කතා කළේ ශ්‍රී ලංකාවේ ළමුන් වෙනුවෙන් චිත්‍රපට හදන අධ්‍යක්ෂක කියලා. මම ඒ වෙලාවත් කිව්වා ඒකට මම කැමැති නැහැ කියලා. ඒ නිසා තමයි මම හිරවෙලා ඉන්න කූඩුවෙන් එළියට එන්න මේ චිත්‍රපටය හැදුවෙ.”
”මේ චිත්‍රපටය කතාව හදලා ගොඩක් කල්. නමුත් එළියට දාන්න ප්‍රමාද වුණා. සමහරු මාව බය ගැන්නුවා දැන්ම එළියට දාන්න එපා කියලා. කොහොම හරි හැමදාම බලාගෙන ඉන්නත් බැහැනෙ. කූඩුව කඩාගෙන එළියට එන්නත් ඕන නිසා මම චිත්‍රපටය එළියට දැම්මා. අපිට ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් චිත්‍රපටි හදන්න පුළුවන් නිසා තමයි මේක හැදුවෙ.” යැයි සෝමරත්න දිසානායක මහතා ජංගි හෝරා චිත්‍රපටයේ මංගල දර්ශනය පෙන්විමට නියමිතව තිබියදී සඳහන් කර සිටියේය.
”ජංගි හොරා කියන නමට සමහරු අකමැති ඇති හැබැයි ඒ නමට අකමැති අය අන්ඩර් පෑන්ටි කියලා නම හදාගෙන බලන්න.” යැයි දිසානායක මහතා අවසන් වශයෙන් පැවැසීය.

ජංගි හොරා වීඩියෝව පහතින්