- එන්ඕසී. බලධාරීන් හැමදාමත් කළේ බලයට පත්වන සෑම ක්‍රීඩා ඇමැතිවරයෙක්ම බොරුවෙන් අන්දවලා තමනුත් ඇඳගැනීමයි
ශ්‍රී ලාංකීය ක්‍රීඩාවේ අතීතයේ ඇති වු අඳුරු කළු පැල්ලම් හේතුවෙන් අද වන විට මෙරට ක්‍රීඩාව පදක්කම් අහේනියකට ලක්ව තිබේ. ගමේ භාෂාවෙන් කියනවානම් තනතුරු හොබවන ක්‍රීඩා ඇමැතිගේ සිට සංගම්වල ලොකු පුටු දරන බහුතරයක් පසුගිය කාලයේ කළේ විසිල් ගැසුවා පමණි. ඔවුන් බල්ටි ගැසුවේ නැත. එබැවින් තවමත් මෙරට ක්‍රීඩාවේ ස්වයංපෝෂිත යුගයක් නිර්මාණය නොවීම කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුව තිබේ. එවැනි මොහොතක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිනාම රාජපක්ෂ මහතා ලංකාදීප පුවත්පත සමග පැවැති සාකච්ඡාවකදී ඇත්ත ඇති සැටියෙන් හෙළි කර තිබුණි. කොන්දක් ඇති මාධ්‍යවේදියකු වශයෙන් ඔහුගේ කතාව අගනේය. මෙරට ක්‍රීඩාවට අවශ්‍ය ඔක්සිජන් දෙන මාධ්‍යවේදියකු වශයෙන් සිරිනාම රාජපක්ෂ මහතා සබුද්ධි ක්‍රීඩා කවයේ විධායක අධ්‍යක්ෂකවරයා වන අතර ඔහු වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු ලේකම්වරයාද වේ. ලංකාදීප පුවත්පත සමග ඔහු කළ කතා බහ අපි ශ්‍රී ලංකන් ටයිම්ස් මෙසේ ගෙනහැර දක්වමු.
ඔබ මාධ්‍යවේදියෙක් විදියට පැමිණි ගමන ගැන සඳහන් කළොත් ?
1990 වසරේ මුල් කාලයේදී ලංකාදීප පුවත්පතේ දෙහිවල-ගල්කිස්ස ප්‍රාදේශීය වාර්තාකරුවෙකු ලෙසයි මගේ මාධ්‍ය ජීවිතය ආරම්භ කළේ. එතැන් සිට ක්‍රීඩා කර්තෘ වරයෙක් දක්වා විවිධ තනතුරු දරමින් වසර 30කට අධික කාලයක් විද්යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන කිහිපයකම සේවය කළා.
ක්‍රීඩා මාධ්‍යෙව්දියෙකු ලෙස කළ සේවයට අමතරව ඔබ ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සුභසාධනය වෙනුවෙනුත් කැපවීමෙන් කටයුතු කළ අයෙක් ලෙස අපි දැන සිටියා..
ඔව් මම දැරූ තනතුරු වලින් 2020 වසරේදී විශ්‍රාම යන විටත් වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කළා. ක්‍රීඩා මාධ්‍යෙව්දීන්ගේ යහපත උදෙසා අපේ කාලයේ ගොඩනැගූ එම සංගමයේ කටයුතු ඉදිරියටත් පවත්වාගෙන යමින් දියුණු තත්වයකට පත්වේ යයි මා විශ්වාස කරනවා.
දශක තුනක පමණ කාලයක් ක්‍රීඩා මාධ්‍යවේදියෙක් ලෙස ඔබ සතු අත්දැකිම් අනුව අපේ රටේ මාධ්‍ය කලාව පිළිබඳව ඔබේ කියවීම කෙසේද ?
තවත් දියුණු මට්ටමකට ගෙන ආ යුතුයි කියන අදහසේ මම ඉන්නෙ. ක්‍රීඩා වාර්තාකරණය සහ මාධ්‍යවේදියෙකුගෙ කාර්යභාරය කියන්නෙ දෙකක්. තවත් විදියකින් කිව්වොත් වාර්තාකරුවා හා මාධ්‍යෙව්දියා කියන්නෙ දෙන්නෙක්. වාර්තාකරුවා උගත්කමින් දැනුමෙන් බුද්ධියෙන් සන්නද්ධ වෙලා අත්දැකීම් මුසුකරගෙන මාධ්‍යවේදීත්වය ලබාගන්න ඕන. එහෙම නැතුව හැමදාමත් එකම තැන රැඳිලා අනුන් කියන දේවල් පමණක් ලියමින් කියමින් ජනතාව දැනුවත් කිරීමෙන් මාධ්‍යවේදියෙක් වෙන්න බැහැ. විශේෂයෙන්ම ක්‍රීඩා මාධ්‍යකරණය කියන්නේ අනෙක් මාධ්‍යකරණයට වඩා බොහෝ වෙනස් දෙයක්. හේතුව ක්‍රීඩාව කියන්නෙ තාක්ෂණික විෂයක්. ඒ නිසා අදාළ ක්‍රීඩාවෙ තාක්ෂණික දැනුම නැතිව නිවැරදි ලෙස එහි වාර්තාකරණයෙ යෙදෙන්නවත් මාධ්‍යකරණයෙ යෙදෙන්නවත් අපහසුයි. ඒ නිසා ක්‍රීඩා මාධ්‍ය වේදියෙක් සහ වෙනත් ක්ෂේත්‍රයක මාධ්‍යවේදියෙක් අතර ලොකු වෙනසක් තියනවා. අද සමහරු මෙම වෙනස තේරුම් නොගෙන කටයුතු කිරීමත් අවාසනාවන්ත කාරණයක්.
අපේ රටේ ක්‍රීඩා පරිපාලනයටත් මෙම කතාව අදාළද?
පැහැදිලිවම ඔව්. අද අපේ රටේ ජනප්‍රිය ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම උදාහරණ ගමු. 1981දී ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබුණ කාලෙට වඩා අද ලෝකයේම ක්‍රිකට් ක්‍රීඩාවෙ තත්වය හා නීති රීති සියයට සීයකටත් වැඩි ප්‍රතිශතයකින් වෙනස් කරලා. එහෙත් අපේ රටේ සමහරු ක්‍රීඩා පරිපාලනයට ක්‍රීඩාව කරපු කෙනෙක්ම වෙන්න ඕන නැහැ කියල තවමත් උදාහරණයට ගන්නෙ ඒ කාලෙ හිටපු ක්‍රිකට් සභාපතිවරුන්. ඒක වැරැදියි අදට ඒ කතාව ගැලැපෙන්නෙ නැහැ. ඒ බව ජාත්‍යන්තර මට්ටම අනුව සළකලා ඒක හරි හැටි තේරුම් ගත්ත නිසා තමයි දයාසිරි ජයසේකර හා ඩලස් අලහප්පෙරුම වැනි ක්‍රීඩා ඇමැතිවරුන් අපේ රටේ ක්‍රීඩා පනත සංශෝධනය කළේ. ඒක අද නැවතත් ආපස්සට හරවලා. ඒ නිසා අද ඕන දේශපාලනඥයෙකුගේ ඥාතියෙකුට හිතවතෙකුට ක්‍රීඩාවෙ පරිපාලනයට රිංගන්න පුළුවන්. අපේ අසල්වැසි රටවල් වුණත් බලන්න. ඉන්දියාවෙ පකිස්ථානයෙ ක්‍රිකට් පරිපාලනයෙ ක්‍රීඩා ඇමැතිගේ සිට පහළට ඉන්නෙ ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමෙන්ම ඉහළින්ම කරපු අයයි. එයාල දන්නව එහෙම නැති අය පත්කළොත් අද කාලෙ අයි.සී.සී. රැස්වීමකට වුණත් ගිහිල්ල උඩ බලන් ඉන්න වෙනව කියල.
අද මෙරට ක්‍රීඩාවෙ පසුබෑමට මේ කරණයත් හේතුවක් කියලද ඔබ කියන්නෙ
මේකත් එක් ප්‍රධාන හේතුවක්. ඒ කියන්නෙ ක්‍රීඩාවෙ රිද්මය වගේම ක්‍රීඩකයාගෙ රිද්මය හා අවශ්‍යතාවන් නොදන්න පුද්ගලයෙක් පරිපාලනයට අවාම ක්‍රීඩාවෙ පැවැත්මක් නැහැ. අනෙක අද තිබෙන මේ කඩාවැටීමට ප්‍රධානම හේතුව නම් පරිපාලනයට ආපු අය ක්‍රීඩාව බිස්නස් එකක් කරගැනීමයි. 90 දශකයේ අග භාගය වන විට ආසියානු රටවල් 45ක් අතර 15වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව අද වන විට 43වැනි ස්ථානය දක්වා පල්ලම් බැහැලා. අවසන් ආසියානු ක්‍රීඩා උළෙල අවස්ථා තුනේදීම (2010,2014 හා 2018) ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නැවත ගෙදර ආවේ හිස් අතින්. ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ මලල ක්‍රීඩාවෙන් ඉන්දියාව දිනාගත් ප්‍රථම රන් පදක්කම මීටර් 87.58ක් දුර හෙල්ල විසිකරමින් නීරාජ් චොප්රා විසින් පසුගිය ටෝකියෝ ඔලිම්පික් උළෙලෙදි අත්කර ගන්නා විට එදා මීට දශක දෙකකට පෙර ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාව මෙදා හිස් අතින්ම ගෙදර ආවා. 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේදී දී ශ්‍රී ලංකාව ක්‍රීඩා 4 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු සහභාගී වී රිදී පදක්කමක් දිනා ගනිමින් 64 වැනි ස්ථානයට පත්වූණා. එදා ඉන්දියාව ක්‍රීඩා 13ක් සඳහා 65 දෙනෙකු ඉදිරිපත් කරල ලෝකඩ පදක්කමක් පමණක් දිනා 71 වැනි ස්ථානයට පත්වුණා. අද ඉන්දියාව පදක්කම් 7ක් දිනලා රටවල් 205 ක් අතර 48 වැනිය වෙනකොට අපි තැනක් නැති රටක් වෙලා.
1948 සිට 18 වතාවක් ඔලිම්පික් උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකාව (ජනගහණය මිලියන 21.5 යි) අද බිංදුවට බැසසත් ජනගහණය 34000 කට පමණක් සීමාවූ කුඩා රටක් ලෙස සැන් මෙරිනෝ රාජ්‍යයද 1960 සිට මේ දක්වා පැමිණි ගමන ටෝකියෝ නුවරදී ජයගත්තෙ එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගෙනයි.
මේ පසුබෑමට වගකිව යුත්තන් ලෙස ඔබ ඔය චෝදනා එල්ල කරන්නෙ කාටද ?
අපේ රටේ ක්‍රීඩාවෙ මෙම කඩාවැටීමට ජාතික ඔලිම්පික් කමිටුව, ක්‍රීඩා අමාත්‍යංශය හා ජාතික ක්‍රීඩා සභාව යන ආයතන තුනම සෘජුවම වගකියන්න ඕන. මේ ආයතන තුනම තමන්ගේ වගකීම් නිසි ලෙස ඉටුකරනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. ඒකට හේතු ඕනෑ තරම් තියනව එකක් කියන්නම්.
ඔලිම්පික් දක්වා ජාත්‍යන්තරය ජයගැනීම සඳහා මලල ක්‍රීඩා සුපිරි සංචිතයක් ස්ථාපිත කළා. එම සංලක්පයට අනුව දකුණ්‍ර ආසියානු මට්ටමෙන් ඉහළට ශ්‍රී ලංකාවට වැඩි පදකක්කම් ප්‍රමාණයක් දිනා ගත හැකි ඉසව් ලෙස සහය දිවීමේ ඉසව් හඳුනා ගෙන සුපිරි සංචිතයට (Elite pool) සහය දිවීමේ කණ්ඩායම් (relay teams) 4 ක් (100 x 4 හා 400 x 4 කාන්තා,පිරිමි වශයෙන්) තෝරා ගෙන තිබුණා. 2020 ජාතික ශූරතාවයෙන් පසුව තෝරා ගත් මෙම සුපිරි සංචිතය 21 දෙනෙකුගෙන් සමන්විත වූවත් ඉන් 17 දෙනෙකුම සහාය දිවීමේ තරඟ ඉසව් සඳහා තෝරාගෙන තිබුණෙ.
මුලින් පැවසුවේ ඔවුන්ව ලෝක සහය දිවීමේ තරඟාවලියට සහ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමට සූදානම් කරවන බවයි. නමුත් ජාත්‍යන්තර තරඟයක් තබා ඔවුන්ව ලංකාව තුල හෝ එකදු පුහුණු තරඟයකට වත් සහභාගී කරවා නොමැති වීම හාස්‍යයට කරුණක්.
ජාතික ඔලිම්පික් කමිටුවත් ජාතික ක්‍රීඩා සභාවත් වගකීම් පැහැර හැරියා කියන්නෙ කුමන පදනමෙන්ද ?
ඒක මම කියන්න ඕන නැහැ. පසුගිය දශකයක පමණ කාලය තුළ රටට ක්‍රීඩාවෙන් ලැබිල තියන ප්‍රතිඵල දිහා විග්‍රහ කරල බැලුවම ඔය ප්‍රශ්නයට උත්තරේ තියනවා. ක්‍රීඩා අමාත්‍යංශය සමඟ රටේ ක්‍රීඩාවෙ දියුණුව හා පැවැත්මට වගකියන ඉහළම ක්‍රීඩා පරිපාලන ආයතන දෙක ජාතික ඔලිම්පික් කමිටුව (එන්ඕසී) සහ ජාතික ක්‍රීඩා සභාව (එන්එස්සී) යි. නීති රීති හදනව සංචිත හදනවා මුදල් වියදම් කරනවා. එහෙත් බොහෝ අවස්ථාවලදී හරියට ඒවා රටට වැඩක් වෙන විදියට ක්‍රියාත්මක වෙනවද කියල මෙකී ආයතන දෙකෙන්ම නිසි නියාමනයක් කරන්නෙ නැහැ. ඒ විතරක් නොවෙයි ඔවුන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි චෝදනා එල්ල වන කාලයක් මේක ?
මොන විදියෙ චෝදනාද ඔවුන්ට එල්ලවෙන්නෙ..?
එන්ඕසී පාලකයො 2016 දී රියෝ ඔලිම්පික් වන්දනාවේදී කරපු සිදුවීම් වලට සමාන බොහෝ දේ මෙවර ඔලිම්පික් වලදිත් සිදුකළා. ඉන් එක් උදාහරණයක් බැගින් කිවහොත් 2016 දී හේමසිරි-මැක්ස්වෙල් එන්.ඕ.සී. රජකට්ටුව විසින් රජයේම ලේක් හවුස් ආයතනයේ මාධ්‍යවේදියෙකු රියෝ ඔලිම්පික් වෙත කැන්දාගෙන ගියේ පිහිණුම් පුහුණුකරුවෙකු ලෙස ව්‍යජ හැඳුනුම්පතක් සකස් කරල.
මෙවරත් සම්භාහකයෙකු කියල මල්ලව පොර සම්මේලනයේ හිටපු සභාපතිවරයෙකු (ක්‍රීඩා අමාත්‍යංශය විසින් චූදිතයකු බවට පත්කරන ලද ) 2020 ටෝකියෝ ඔලිම්පික් උලෙලට අරගෙන ගියා. එම වංචා සහගත ක්‍රියාව තුළ වැරැදි කිහිපයක්ම අඩංගුයි. එම සම්භාහක ලෙස හැඳින්වූ පුද්ගලයාට ජපානයට යාමට වීසා ලබා ගැනීමේදී ව්‍යාජ ලියකියවිළි සෑදීම, තහනම් කරන ලද ක්‍රීඩා සංගමයක නිලධාරියෙක් නම් කිරීම හා ව්‍යාජ ඔලිම්පික් හැඳුනුම්පතක් සකස්කිරීම යන සියලු වැරැදි වලට වත්මන් එන්.ඕ.සී. ය වගකිව යුතුයි. ඒ වගේම ටෝකියෝ ඔලිම්පික් ගිය වෙඩිතැබීමේ ක්‍රීඩිකාවට තම පුහුණුකරු අහිමිකර කලමණාකරුවකු සමඟ යාමට කටයුතු කළේද එම ක්‍රීඩිකාවගේ ඉල්ලීමට වඩා තම හිතවතෙකුට කරන උදව්ව ලොකු වූ නිසා. මෙවන් සියලුම බාල වර්ගයේ වැඩ කරන්නේ තවත් දින කිහිපයකින් එන ඊළඟ ඔලිම්පික් නිලවරණයට ඡන්ද බලාගෙනයි. මේව සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැතිවරයාත් කිසිදු පියවරක් ගන්න බවක් පේන්නෙ නැහැ.
මෙවන් ප්‍රශ්න ගැන එන්ඕසී. යෙන් විපරම් කරනා විට “ මෙන්න ක්‍රීඩා ඇමැතිවරයා අපේ වැඩවලට ඇඟිලි ගහනවා“ කියල දිවගොස් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) ට කේළාම් කීම පුරුද්දක් කරගෙන තියනවා. ශ්‍රී ලංකාව තුළ තමන් ස්වාධීන ආයතනයක් යැයි ආරූඩ කරගත් රඟපෑමක යෙදෙනා එන්ඕසී. බලධාරීන් හැමදාමත් කළේ බලයට පත්වන සෑම ක්‍රීඩා ඇමැතිවරයෙක්ම බොරුවෙන් අන්දවලා තමනුත් ඇඳගැනීමයි.
කෙසේ වෙතත් ”අපි ස්වාධීන ආයතනයක් ” යැයි හැමදාමත් උඩ පනින මෙරට එන්.ඕ.සී. ලොක්කන්ට මෙරට තුළ සම්මත 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ (1973 ජුලි මස 09 දින නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව) 2වැනි ඡෙදයේ (ඇ) වගන්තිය ක්‍රීඩා ඇමැතිවරයා විසින් සිහිපත් කළ යුතුයි. ඔය කියන ස්වාධීනත්වයක් ඔවුන්ට තියෙනවා නම් ජාත්‍යන්තර තරග සංචාරයකදී ක්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් ප්‍රතිපාදන ඉල්ලන්නෙත් ඊට අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහාත් සංචාරය සඳහාත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන්නෙත් ඇයි ?
වසර 4 කට වරක් පැවැත්වෙන ඡන්දයකින් පසුව මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ මහ පුටු වලට පත්වෙන පාලකයින් කලක සිට කටයුතු කරන්නේ රටේ ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් නොවෙයි. තමන්ගේ මතය දියුණු කරමින් තමන්ගේ සහ තමන්ට ඡන්දය දුන් පිරිසකගේ ඕනෑ එපා කම් පිරිමහන්නයි .
ජාතික ක්‍රීඩා සභාවටත් ඔබ චෝදනා එල්ල කළා..
රටේ ක්‍රීඩාවේ ඉහළම පරිපාලන ආයතනය විදියට එන්එස්සී ආයතනය නිතී රීති ක්‍රියාත්මක කරන්න පෙර තමන්ගේ සභාවේ ඉන්න 15 දෙනා ගෙන් කී දෙනෙක්ගෙ පත්වීම් නීත්‍යානුකූලද සහ කොතරම් සදාචාරාත්මකද කියල හිතන්න ඕන. මේ රටේ ක්‍රීඩා නිතියෙ පැහැදිලිවම තිබෙනවා ජාතික ක්‍රීඩා සභාවෙ සාමාජිකයකු නම් ඔහුට වෙනත් ක්‍රීඩා සංගමයක හෝ ආයතනයක හෝ සංවිධානයක එවැනි කිසිදු නිලයක් දරන්න බැහැ කියල. එහෙම කී දෙනෙක් ඔය සභාවෙ ඇතුළෙ ඉන්නවද . ඒකෙ සභාපතිවරයාගේ පත්කිරීම පවා නීති විරොධීයි. සදාචාර විරෝධීයි. මේ වගේ සභාවක් අනුන්ට හරියට යන්න කියල උපදෙස් දෙන්නෙ කොහොමද ?
ඒ වගේම ක්‍රීඩා අමාත්‍යංශයෙන් වැටුප් ලබනා පුද්ගලයින් වෙනත් ක්‍රීඩා පරිපාලන සංගමයක හෝ සම්මේලනයක තනතුරු දරන්නේ නම් එයත් ක්‍රීඩා පනත උල්ලංඝනය කිරීමක්. ඔවුන් එම සංගම් හෝ සම්මේලන වලින් ඉවත් කළ යුතුයි. එහෙත් තවම ඒක සිදුවෙලා නැහැ.
ඉහළින් පහළට දඬුවමක් නොදීමේ න්‍යාය ක්‍රීඩාවටත් යොදා ගතහොත් මෙරට ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැඟීම කෙසේ වෙතත් ඒ ඒ ක්‍රීඩාවන් තුළ හෝ යහපත් සංස්කෘතියක් ගොඩනැඟීමට ඉඩ ලැබෙන්නෙ නැහැ. අනෙක දේශපාලනය බිස්නස් එකක් කරගත්ත අය ඉන්න තෙක් රට හදන්න බැහැ වගේ ක්‍රීඩාව අදායම් මාර්ගයක් කරගත්ත පරිපාලකයො ඉන්න තාක් කල් අපේ රටේ ක්‍රීඩාව හදන්න බැහැ.
උපුටාගැනීම – ඉරිදා ලංකාදීප (2021 දෙසැම්බර් මස 26 වැනිදා ඉරිදා)