IPL ක්රිකට් තරගාවලියේ ප්රධාන වෙන්දේසිය පෙබරවාරි මස 12 සහ 13 බැංගලූර් හිදී පැවැත්වීමට නියමිතය. ක්රීඩකයන් 590 දෙනෙකුගේ නම් යෝජනා වී ඇත.
ශ්රී ලාංකික ක්රීඩකයන් 23 දෙනෙකුගේ නම් වෙන්දේසි සඳහා යෝජනා වී ඇත. වැඩිම ආරම්භක වෙන්දේසි වටිනාකමක් සහිත ක්රීඩකයා ලෙස නම්කර ඇත්තේ ශ්රී ලංකා විස්සයි විස්ස සුපිරි තුන් ඉරියව් ක්රීඩක වනිඳු හසරංගය. ඔහුගේ ආරම්භක වෙන්දේසි වටිනාකම ලෙස සටහන් කර ඇත්තේ ඉන්දියානු රුපියල් ලක්ෂ 100ක් ලෙසටය.
මේ අතර 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් පිටියේ දස්කම් දැක්වූ ශ්රී ලංකා 19න් පහළ කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ නමද ඇතුලත් වීම විශේෂත්වයකි.
1. වනිඳු හසරංග – ඉන්දියානු රුපියල් ලක්ෂ 100යි.
2. මහීෂ් තීක්ෂණ – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
3.දුෂ්මන්ත චමීර – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
4.චරිත අසලංක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
5.කුසල් මෙන්ඩිස් – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
6.කුසල් පෙරේරා – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
7.නිරෝෂන් දික්වැල්ල – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
8.අකිල ධනංජය – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
9.භානුක රාජපක්ෂ – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
10.පැතුම් නිස්සංක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
11.මතීෂ පතිරණ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.
12.අවිශ්ක ප්රනාන්දු – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
13.දසුන් ශානක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
14.චාමික කරුණාරත්න – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
15.ලහිරු කුමාර – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
16.කෙවින් කොත්තිගොඩ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.
17.තිසර පෙරේරා – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
18.ඉසුරු උදාන – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
19.ධනුෂ්ක ගුණතිලක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
20.නුවන් තුෂාර – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.
21.සීක්කුගේ ප්රසන්න – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
22.ධනංජය ලක්ෂාන් – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.
23.දුනිත් වෙල්ලාලගේ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.