ලෙබනනයට යූරෝ මිලියන 250ක ආධාරයක්…

ලෙබනනයේ බේරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් බලපෑමට ලක්වූ ජනතාවට සහන සැළසීම සඳහා යූරෝ මිලියන 250කට අධික මුදලක් ආධාර වශයෙන් ලබා දීමට ලෝක නායකයින් එකඟවී තිබේ. ප්‍රංශයේ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ අනුග්‍රාහකත්වය මත රටවල් 15ක නායකයින් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම එකඟතාව පළවී තිබේ.
අදාළ පිපිරීමෙන් පුද්ගලයින් 150කට අධිත පිරිසක් මිය ගිය අතර 4000කට අධික පිරිසක් බර පතළ තුවාල ලැබූහ.