ලොව පුරා කොරොනා ආසාදිතයින් ගණන කෝටි දෙක ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටි දෙක ඉක්මවා තිබේ. ඒ අනුව ඊයේ (09 වැනිදා) වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන දෙකෝටි දහසය දහස් තුන්සිය දෙකක් වන අතර හතලිස් ලක්ෂ තිස් තුන් දහස් පන්දසිය අනූ දෙකක් ඉන් මියගොස් තිබේ.
මේ අතර මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 2844ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට මෙරට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් ගණන 254 ක් වන අතර සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 2579ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.