රනිල් ඉල්ලා අස්වෙයි

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති පක්ෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වය සඳහා නම් හතරක් යෝජනා ඇති බවද සඳහන් වේ. අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, දයා ගමගේ සහ රවී කරුණානායක ඒ අතර වේ.