කුරුණෑගල නගරාධිපතිට රටින් පිටවීම තහනම්

කුරුණෑගල බුවනෙක හෝටල් ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධියට අදාළව කරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා අත්අඩංගුවට ගන්නා ලෙසට මහෙස්ත්‍රාත් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීමට පොලීසිය අපොහොසත් වීම හේතුවෙන් ඔවුන්ව අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිල නියෝජ්‍ය පොලිස්පතිට හා කුරුණෑගල පොලිස් අධිකාරීවරයාට උපදෙස් දෙමින් යළි වරෙන්තු නිකුත් කර තිබේ.
ඒ අනුව කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන්ට රටින් පිටවීම තහනම් කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නියෝගයක්ද නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් පුරා විද්‍යා වටිනාකමකින් යුත් මෙම ගොඩනැගිල්ල කුරුණෑගල මහ නගර සභාව විසින් පසුගිය මස 15 වැනිදා ඩෝසර් කර කඩා දමන ලදී. ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගැනිමට වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා පසුගියදා වඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි. එහිදී නගරාධිපතිවරයා ඇතුළු පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 4ක් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබේ.